Friday, November 26, 2010

OS කිහිපයක් එක්ක සෙල්ලම් දාමුද....!!!


                               අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් දෙන්නයි යන්නෙ!!!!!! සමහරක් විට ඔයාල මේ ගැන දන්නවත් ඇති. නොදන්නවත් ඇති. දන්න නොදන්න හැමෝම එහෙනම් අහගන්නකො... අද මං කියන්න යන්නේ OS ගැන (Operating Systems) පොඩි කථාවක්. ඔයාල කවුරුත් දන්නවනේ Machine එකකට OS එකක් නැතුවම බැහැ කියලා. Machine එකක් OS එකක් නැතුව වැඩ කරන්නෙම නැහැ. එක ඕන පොඩි එකෙක් දන්නවා. එත් ඔයාල හිතුවද එක Machine එකක් OS කිහිපයක් එක්ක වැඩ කරන්න..?? ඕන්න ඔය දේ ගැන තමා අද කියන්නේ...

                  ඔයාල හිතන්න පුළුවන් අපිට මොකටද OS කිහිපයක් කියලා.. එහෙම හිතුවට වැරද්දකුත් නැහැ. ඇත්තටම මෙහෙම OS කිහිපයක් තියෙන්න හේතුව තමා එක එක කාර්යයන් කරන්න එක එක OS වැඩි ප්‍රමුඛතාවයක් දැක්විමයි. උදාහරණයක් විදියට ගත්තොත් Graphic කටයුතු සඳහා වඩාත් හොඳම OS එක හැටියට සැලකෙන්නේ Mac සහ Ubuntu සංස්කරණයි. තවද Software Development කටයුතු සඳහා Windows සංස්කරණ (Windows xp/vista/7) වඩාත් උචිතයි. ඉතිං මේ මේ හේතුන් නිසා කෙනෙකුට එ එ අවශතාවන්ට අනුකූලව OS කිහිපයක වැදගත්කමක් දැනේන්න පුළුවන්. අන්න එ වගේ දේවල් වලටයි මේ! එහෙනම් මෙහෙමයි වැඩේ වෙන්නේ..

                 ඇත්තටම මේක හරි පහසු වැඩක්. මේක Virtual Machine software එකක්. මේකේ නම තමා VMWare Workstation. මේක පාවිච්චි කරලා OS ගොඩක් එක්ක එකපාරට වැඩ කරන්න පුලුවන්. ඒ කියන්නෙ ඔයාලගෙ PC එකේ දැන් තියෙන්නෙ Windows 7 OS එක කියල හිතමුකො. ඔයාලට Fedora වගේ තවත් OS එකකුත් use කරන්න ඕන උනොත් සාමන්‍යයෙන් නම් අපිට කරන්න වෙන්නේ වෙනම Partition එකකට Fedora install කරලා Fedora වලින් boot කරන්නයි. ඒත් මේ software එකෙන් එච්චර කරදර වෙන්න ඕනේ නැහැ. Windows 7 ඇතුලේ ඉඳගෙනම Fedora වල වැඩ කරන්න පුලුවන්. කරන්න තියෙන්නෙ Windows 7 වලින් VMWare install කරලා VMWare එක හරහා Fedora install කරන එකයි. ඊට පස්සෙ VMWare එකෙන් Fedora boot කරන්න පුලුවන්. හරි සරලයි. එක ඔයලාට මේක කරල බලද්දිම තේරෙයි.

                            අපිට ඕනේනම් Win Vista, Ubuntu, Mac වගේ ඕනම OS ගනනක් එක්ක එකපාරට වැඩ කරන්න පුලුවන්. එත් එකට එ එ OS එකට ඕන කරන Hardware Requiems අපි සපුරල දෙන්න ඕනේ. එ අනුව එක එක OS එකට අවශ්‍ය RAM capacity එක අපිට ඕන විදියට දෙන්න පුලුවන්. OS ගොඩක් එකපාර run කරන්න නම් ගොඩක් Memory ඕන. එහෙනම් එච්චරයි කරන්න තියෙන්නේ. ඔයාටත් මෙහෙම Software එකක ඕනකමක් තියෙනවනම් විතරක් මේ දේ try කරල බලන්න. නැත්නම් මේ දේ ඔයාලගේ IT දැනුමට එකතු කර ගන්න.
Software එක මෙතනින් බා ගන්න.


එහෙනම් මෙ ලිපියෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුනානම් පොඩි comment එකක් දාල යන්න. මේ ගැන ගැටළුවක් තිබුනෙත් එකත් ලියන්න. එහෙනම් ගිහින් එන්නම්..

Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න.... 

13 comments:

  1. mekanam pattama pattai bro

    ReplyDelete
  2. @Anonymous
    එල මචන්.. comment එකට බොහොම ස්තූතියි! පළවෙනි comment එකෙන්ම ඔය වගේ වචනයක් අහන්න ලැබිම ලොකු සතුටක්.

    ReplyDelete
  3. VirtualBox හා VirtualPC කියන Software එකෙනුත් ඕකම කරන්න පුලුවන්.හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ මේකට Mazine එකේ Speed එකයි Ram එකයි ටිකක් වැඩිපුර තියෙන්න ඕන.
    සමහර වෙලාවට 1GB Ram හා Dual core 2.00GHZ ත් මදි.
    මේ Software එක කොහොමද?
    Trail එකක් ද? Expire වෙනවද?
    VirtualBox හා VirtualPC නම් Freeware

    ReplyDelete
  4. kolla sira thawa damu dawas 2 ekakwath danna all the best


    PCW

    ReplyDelete
  5. @Roshan
    ඔව් මචන්.. මේකත් උඹ කිවුව වගේම එ හා සමාන Software එකක්. මේකත් සම්පුර්ණයෙන්ම Freeware තමා. එත් මුලින්ම අපි register වෙල ඉන්න ඕනේ. එතකොට තමා උන් අපිට Software එක බා ගන්න ඉඩ දෙන්නෙ. RAM එක හා Speed එක ගැන කථා කරන්න නම් එච්චර දන්නේ නැහැ. මං එ ගැන හොයල කියන්නම්! එත් මට නම් මේක කිසි අවුලක් නැතුව වැඩ. (2GB RAM & Core 2 Duo 2.93GHz) අපිත් එක්ක අදහස් බෙදා ගත්තට බොහොම ස්තූතියි මචන්. thanx for a comment

    ReplyDelete
  6. @Anonymous
    එල මචන්. අනිවා!!! ඔහොම comment ලැබෙනවනම් 2ක් නෙමේ 10ක් හරි ලියන්නම්. එල. වේලාව තමා මචන් පොඩි ගැටළුවකට තියෙන්නේ. කොහොම වුනත් මං try කරන්නම්. comment එකට බොහොම ස්තූතියි!!!

    ReplyDelete
  7. To my knowledge VMWare never been a freeware, this is the first product of its kind before VirtualBox and VirtualPC

    ReplyDelete
  8. මචං පට්ට වැදගත්...ඕනෙ උන ගමන් ඇවිත් ගන්නවා.තැන්කූ මේව බෙදා ගන්නවට.

    ReplyDelete
  9. @dinesh
    එල සහෝ.. ඕන වෙලවක එන්න.. මගේ අඩවිය ඕන වේලාවක දොරවල් හැරලා.. උඹලා වෙනුවෙන්ම!! comment එකට බොහොම ස්තූතියි සහෝ..

    ReplyDelete
  10. good work bro keep it up :)

    ReplyDelete
  11. @Anonymous
    ur welcome saho... thanx for a comment!

    ReplyDelete
  12. @yasitha
    oyatath godak thanx malliya oyatath..!

    ReplyDelete