Tuesday, November 30, 2010

Adobe ගැන නොදන්න කතාවක්...!!! (Offline Installer)


                    ඔන්න අද මං කියන්න යන්නේ තවත් අලුත් කථාවක්. මන් හිතානවා ඔයාල කවුරුත් මේ ගැන උනන්දු වෙයි කියල. මොකද මේක මට ගොඩාක් ගැටළුවක් වුණු දෙයක්. (ඔයාලටත් එහෙමම වෙන්න ඇති) ඉතින් මං හිතුවා මේ දේ ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. 

              මං මේ post එකෙන් ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද Adobe product එකකට offline installer එකක් ගන්නෙ කියලා. ටිකක් තේරුනේ නැහැ වගේද...? මේකයි සාමන්‍යයෙන් අපි adobe product එකක් බා ගෙන install කරගද්දි අපිට ඕන කරන එ product එකට අමතරව වෙන වෙන ලොකේ නැති product ටිකකුත් install වෙනව නේද?. අපිට එවයින් වැඩකුත් නැහැ. එත් මොනා කරන්නද අයින් කරන්න බැරි නිසා ඔහේ තියන් ඉන්නවා... ඔන්න ඔය දෙයින් වැළකිලා අපිට ඕන කරන product එක විතරක් install කරගන්න විදියක් තමා මේ කියන්න යන්නේ. මං හිතන්වා දැන් ඔයාලට තේරෙන්න ඇති කියල... මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ....

01. මුලින්ම ඔයාල මේ තියෙන Link එකට යන්න. ftp://ftp.adobe.com/pub/adobe/ එතකොට ඔයාලට පහළ රූපයේ පේන විදියට Adobe සමාගමේ සියළුම product වල ලැයිස්තූවක් පෙන්න ලැබෙවි. මෙතනින් ඔයාලට ඕන කරන product එක ‍තෝර ගන්න. මං උදාහරණයක් වශයෙන් Adobe Reader 9 ‍තෝර ගන්නවා.



02. ඊට පස්සේ තියෙන්නේ ඔයාලගේ platform එක (OS) ‍තෝරගන්න. මගේ Windows හන්දා මම 'win ‍තෝරගන්නවා.


03. ඊළඟට තියෙන්නෙ අපිට ඕන කරන product එකේ version එක ‍තෝරගන්නයි. මෙතන පරණ එවත් තියෙනවා. ඔයාල කැමති විදියට ‍තෝර ගන්න පුළුවන්. මං '9.x' ‍තෝර ගන්නවා.


04. ඊළඟ page එකෙත් වෙන්නේ version 9 වල තියෙන sub version එක ‍තෝරන එකයි. මම 9.4.0 ‍තෝරගත්තා.


05. දැන් තියෙන්නෙ ඔයාලට ඕන කරන Language එක ‍තෝරන එකයි. මම නම් ඉතිං US English තමා. ඉතිං මං 'en-US' ‍තෝරනවා.


06. ඊට පස්සේ ඔයාලට පෙනෙයි අපිට ඕන කරන product එකේ Installer එක. ඉතිං දැන් කරන්න තියෙන්නේ .EXE file එක බා ගන්නයි. ඉතුරු හරිය ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ....


              ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ. මේ ක්‍රමයට ඕනම Adobe Product එකක් ඔයාලට ගන්න පුළුවන්. එ වගේම ඔයාල ජිවිතේට අහල දැකල නැති Adobe Product මේ page එකට ගියාම ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් මෙ ලිපියෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුනානම් පොඩි comment එකක් දාල යන්න. මේ ගැන ගැටළුවක් තිබුනෙත් එකත් ලියන්න. එහෙනම් අදට ගිහින් එන්නම්..

Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න....

14 comments:

  1. ela .. Good Work Brother.. keep it up!

    ReplyDelete
  2. @Anonymous
    ur welcome saho... thanx for a comment!

    ReplyDelete
  3. maxxxxxxxaaaaaaaaaaaa..

    ReplyDelete
  4. @Gayan
    එල මචන්.. comment එකට බොහොම ස්තූතියි!

    ReplyDelete
  5. Good stuff brow..:D

    ReplyDelete
  6. @Anonymous
    thanx මචන්... ගොඩාක් ගොඩාක් ගොඩාක්... ස්තූතියි comment එකට!!!

    ReplyDelete
  7. @BOOCHATHZ DE SILVA
    hehe.. thanx for a comment! and thanx for all..

    ReplyDelete
  8. @අඳුරෙන් එළියට
    hehe.. බොහොම ස්තූතියි මචන් comment එකට...

    ReplyDelete
  9. thanks machan adobe flash player gaththama virus guard wadekuth free install wenawa thank you me link ekata


    PCW

    ReplyDelete
  10. @PCW
    ඔව් මචන්.. ඔය වගේ ගැටළු නිසාම තමා මේ ගැන මං ලියන්න හිතුවේ. මේ දේවල් ප්‍රයෝජනයක් වුනානම් එක මට සතුටක්. comment එකට ගොඩාක් ස්තූතියි සහෝ...

    ReplyDelete
  11. @Madushka
    ur welcome saho... thanx for a comment!

    ReplyDelete