Tuesday, November 9, 2010

Internet Money හොයනවනම් මේ ගැනත් දැනගෙන ඉන්න....!!!


                    ගොඩ දවසකින් Internet money ගැන ලිපියක් දාන්න බැරි වුණා. ඔන්න එහෙනම් Internet money ගැන උනන්දු වෙන හැමෝටම වැදගත් වෙන ලිපියක් දාන්න හිතුවා. ඒ තමයි, මං හිතනවා මේ වෙනකොටත් ඔයාල bux අඩවි වලින් මුදල් හොයන්න පටන් අරං ඇති කියලා. (එ සම්බන්ධයෙන් ලියවුණු ලිපි බලන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න) අන්න එහෙනම් මං මේ කියන්න යන දේවල් ගොඩාක් වැදගත් වෙවි. ඔන්න එහෙනම් මේ දේවල් හොඳට හිතේ තියාගන්න...

                     මුලින්ම හැමදාමත් වගේ කියන්න ඕනේ මේක බොරුවක් නෙමේ කියලා. මේක බොරුවක් වෙනවනම් වෙන්නෙ අපේම වැරදි වලින්. නොකළ යුතු දේවල් කරල සල්ලි ලැබෙන්නේ නැති වුනාම බොරුවක් කිය කිය කෑ ගහනවා. එ නිසා මේ ගැන හරියටම දැනගෙන කරන එක තමා හොඳ. හොඳ ඉවසීමකින්, මොළේ ඇතිව හොයල බලලා වැඩ කරනවනම් Internet Money කියන දේ අමාරු නැහැ. (මේ ගැන මං මීට කලිනුත් කියල ඇති.) එහෙනම් වැඩි කථා නැතුව මාතෘකාවට බහිමු. bux අඩවි වලින් සල්ලි හොයන කවුරුත් මේ ගැන අවධානය යොමු කරන්න.

01. ඔබ bux අඩවියක ලියාපදිංචි වු විගසම පැය 24ක්  ඇතුළත තමන්ගේ ප්‍රථම ඇඩ් කිහිපය ක්ලික් කළ යුතුයි. බොහෝ දුරට මෙය සිදුනොකිරිමෙන් තම ගිණුම අවලංගු විමට ඉඩ ඇත.

02. ඔබ bux අඩවියක ලියාපදිංචි වු පසු ඔබට දිනපතාම ඇඩ් කිහිපයක් ලැබේ. ඔබගේ Referral ලා තුළින් ඔබට දිනපතාම ලැබිය යුතු මුදල ලැබීමට නම් ඔබද දින පතාම දැන්වීම් නැරඹිය යුතුය. තවත් ලෙසකින් කිව හොත් හෙට දිනයේ ඔබගේ Referral ආදායම ලැබීම සඳහා අද දින ඔබට නියමිත දැන්වීම් ප්‍රමාණය නැරඹිය යුතුමය. එය වැදගත් කොට දැක්වූයේ අපගේ බොහෝ අය Referral ලා කිහිප දෙනෙක් ලද පසු "දැන් මම මහන්සි වන්නේ මොකටද? මා වෙනුවෙන් මගේ ර්‍එෆෙර්රල් ලා ඇඩ් ක්ලික් කරනවානේ" යි සිතමින් ඇඩ් ක්ලික් නොකර සිටින නිසාය. එම නිසා වඩා වැදගත් වන්නේ තමාගේ දායකත්වයත් මේ සඳහා එක් කිරිමයි.

03. තවද කිසියම් bux ගිණුමක් ඇඩ් ක්ලික් නොකර දින 30ක් පමණ අක්‍රීයව තිබුණේ නම් ගිණුම් ශේෂය සමඟම bux ගිණුම් මකා දැමිය හැක.

04. එකම bux වැඩසටහනකින් එක ගිණුමකට වඩා සාදා ගැනිමට උත්සහ නොකල යුතුය. ඔවුන් හට එය හසුවුවහොත් ගිණුම් දෙකෙහිම ශේෂයන් සමඟ ගිණුම් දෙකම වසා දැමිය හැක.

05. බැඳුම්කරය (TOS) හොඳින් කියවා අවබෝධ නොකරගැනීම. බැඳුම්කරය යනු bux අඩවි වල තිබෙන වැදගත්ම ලියවිල්ලයි. එය හොඳින් නොකියවීම යනු ඔබගේ Account එක Suspend කරගැනීමට කරන මඟ පැහැදිමකි. ඒ මන්දයත් එහි ඔබට කිරීමට හැකි සහ නොහැකි දෑ සටහන් වන බැවිනි.

06. ඔබ bux අඩවියක ලියාපදිංචි විමේදී Referral තීරුවෙහි සඳහන් නම හා අංකය කිසි විටෙකත් මකා නොදැමිය යුතුය. මෙය පසුකාලිනව ඔබේ ගිණුමේ මුදල් ලබා ගැනිමේදි bux අඩවි මඟින් මුදලින් යම් ප්‍රතිශතයක් ඔවුන් වෙත පවරා ගැනිමක් සිදු කරයි. මෙය TOS හිඳ සදහන් වේ.

07. Forum එකට නිතර නොයෑම. bux අඩවිය ගැන නවතම විස්තර ලබාගැනීමට අති හොඳම ක්‍රමය වන්නේ Forum එකට ගොස් එහි ඇති නවතම පුවත් කියවීමයි. එමෙන්ම බැඳුම්කරයට යම්කිසි වෙනසක් සිදු වුවහොත් එයද දැනගත හැකි වෙන්නේ Forum එකෙනි.

08. තවද එක pc එකකින් එක් පුද්ගලයෙකුට පමණක් අදාල bux අඩවි වල ලියාපදිංචි වීම වඩා සුදුසු වේ. වෙනත් පුද්ගලයෙක් එම pc එකෙන්ම ලියාපදිංචි විමට හෝ Log විමට උත්සහ දැරුවහොත් එම ගිණුම් දෙකම අවහිර විය හැක.

ඔන්න එහෙනම් මගේ රාජකාරිය හරි. ඉතුරු හරිය ඔයාලගෙ අතේ. ඔය දේවල් හොඳට ඔලුවේ තියාගන්න. එ දේවල් එ විදියටම පිළිපදින්න. එතකොට ඔයාලටත් සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙවි. මේ පිළිබඳව ගැටළු තිබුණෝත් Comment එකක් විදියට දාන්න. එහෙනම් අදට ගිහින් එන්නම්......! 

3 comments:

  1. matchan umbe number 8 kiyala thiyana wideyata ekanekta eka pc eken(eka ip address eken) thamai register wenna puluwn.Habay wena kenek wena pc eken(wena ip address eken) register wela kalin kiyapu pc ekenma log welaa add click karanna puluwan...ekath neobux wage ptc site walat hariyanne naha.ehma wena ip address ekakin neobux log wunama account eka cancalwemawa....anik onbux/ bux.to/ bux-matrix....wage site register wuna passe onama ip address eken log wela add awlak nathuwa click karanna puluwan...

    ReplyDelete
  2. @joo
    මුලින්ම thanx කරන්න ඕනේ comment එකට. ඔව්, බොහෝ දුරට එහෙම වෙන්න පුලුවන්. neobux කියන්නේ ගොඩක් නිති තද bux site එකක්. මං නම් හිතන්නෙ එකක pc එකකින් ලොග් වෙනවනම් හොඳයි කියල. මොකක් හරි පොඩි දෙකින් acc එක close වුනොත් අපි වෙච්ච මහන්සියත් අපරාදේ.. අපිත් එක්ක අදහස් බෙදා ගත්තට බොහොම ස්තූතියි!

    ReplyDelete