Friday, November 5, 2010

මෙන්න අලුත් තාක්ෂණයක්!!!!! [Transfer Jet]


                තාක්ෂණය!!! මේක නම් මහ අරුම පුදුම මාතෘකාවක්. අවුරුදු ගාණක් වුනත් එකදිගට කථා කර කර ඉන්න පුළුවන්. මොකද අපි ඉන්න වටපිටවේ කොහෙ බැලුවත් තියෙන්නේ තාක්ෂණයනේ. ඉතිං, අද මං අදහස් කලා අලුතින්ම ආපු තාක්ෂණයක් ගැන කතා කරන්න. ඔයාල දන්නවනේ වයර්ලර්ස් තාක්ෂණයන් ගැන. එ කිවුවේ රෑහැන් රහිත තාක්ෂණයන් ගැනයි. අද වෙනකොට ලෝකයෙ වැඩිම අවදානය දිනාගත්තු තාක්ෂණික ක්‍රමයක් තාම මේ වයර්ලර්ස් තාක්ෂණය. මේ අතරිනුත් ඉහළම තැන තියෙන තාක්ෂණික උපාංග දෙකක් තියෙනවා. එ තමා බ්ලුටූත් සහා වයි-ෆයි කියන තාක්ෂණයන් දෙකයි.  මීට අමතරව තවත් තාක්ෂණයන් තියෙනවා.. පිළිවෙලින් බැලුවොත් වයිමැක්ස්, ඉන්ෆාරෙඩ්, N.F.C, ඩෙක්ට්(කැට්), U.W.D, ව්යිබ්‍රී, සිග්බී... etc

       ඔයාල දන්නවද දැන් අලුතින්ම තාක්ෂණයක් ඇවිත් තියෙනවා ට්‍රාන්ස්ෆර්ජෙට් (Transfer Jet) කියලා.මේක තමය මං දන්න තරමින් දැන් එන අලුත්ම තාක්ෂණික උපකරණ වලට එන්නේ... මොන දේ කියන්නත් කලින් මේ ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය හොයාගත්තු Sony සමාගමට ස්තූති වෙන්න ඕනේ.


   ට්‍රාන්ස්ෆර්ජෙට් තාක්ෂණය තියන උපකරණ අතර තොරතුරු හුවමාරු වෙන්නේ මහ අමුතු විදියකට. ට්‍රාන්ස්ෆර්ජෙට් ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය තියන උපකරන දෙක්කක් එක ලග තිබ්බාම ඒ උපකරන දෙක තොරතුරු හුවමාරු කරන්න පටන් ගන්නවා... ඒ උපකරන දෙක එක උඩ එක තිබ්බාම හරි ඒ උපකරන දෙක ගෑවෙන්න තිබ්බාම වේගය තවත් වැඩිවෙනවා... ඒ වේගය කොච්චර කියනවානම් ඔයලා ලග තියනවා නම් 700MB විඩ්යෝ ෆයිල් 3ක්, ඒ කිවේ 2GB එකක් තවත් ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය තියන උපකරණයකට ගමන් කරන්න යන වෙලාව තමා විනාඩි භාගයක් වත් යන්නෙ නැහැ කියලයි කියන්නේ.... මරු නේ....

          මේ ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂණය අයත් වන්නේ සී.පී.ඩබ්.ටී (CPWT - Close Proximity Wireless Technology) කියන තාක්ෂනික කාණ්ඩයටයි.... මෙම තාක්ෂණය ඉතා සරල භාවිතයත්/ අරක්ෂාකාරි සම්බන්ධතාවයක් / කාර්යක්ෂමතාවයටයි උපකාරි වෙනවා.

මෙන්න ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය සහිත උපකරන කිපයක් මෙතන...







මේ ගැන ඔයාල දන්න දේවල් හා ඔයාලගේ අදහස් මේ ලිපියට එක් කරන්වනම් කටත් ගොඩාක් වැදගත් වෙවි... 

3 comments:

  1. මම නම් ඔය ඇහුවමයි....ස්තුතියි දැනුවත් කලාට

    ReplyDelete
  2. අපි දැකපු නොදැකපු කොයිතරම් නම් දේවල් මේ ලෝකේ තියෙනවද... ඉස්සරටත් ‍රැඳිල ඉන්නකො. ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙවි. comment එකට බොහොම ස්තූතියි...

    ReplyDelete