Thursday, November 4, 2010

Skype Account 2 කින් එකපාර Log වෙමුද????


ඕන්න එහෙනම් මං අදත් අලුත් trix එකක් අරන් ආවා. මං දන්නෙ නැහැ ඔයාලට මේක කොහොම වැදගත් වෙයිද කියල!!!! එත් මට හිතුන මේ දේ ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඔයාල නිකමටහරි හිතුවද Skype account 2ක් එකපාර එකම PC එකකින් ලොග් වෙන්න?? (මටත් හිතුනේ නැහැ. ජංජාලයේ සැරිසරද්දි තමා මට මේක සෙට් වුනේ.) එහෙනම් අන්න ඒ දේට විසඳුමක් තමා මේ. මේකෙන් ඔයාලගේ හොර වැඩ වලටත්, සාමාන්‍ය එදිනෙදා පහසුවටත් මේක යොදා ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි අද මාතෘකාව. එහෙනම් අපි වැඩෙට බහිමු.


මේක ක්‍රම කිහිපයක් මඟින් කරගන්න පුළුවන්.. එක ක්‍රමයකින් හරියන්නේ නැත්නම් තව ක්‍රමයකින් try කරන්න!!!

01. ක්‍රමය
--මුලින්ම Desktop එකෙ right ක්ලික් කරල New Shortcut එකක් ගන්න.
--දැන් එකේ මෙන්න මෙහෙම ලියන්න.. "C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary
වැදගත් - මෙහි " " දාලම ලියන්න. තව අවසාන " හා / එක අතර හිඩසක් තියන්න. (ඔයාල Windows OS එක install කරලා තියෙන parth එක අනුව C එක D,E හෝ F වෙන්න පුළුවන්.)
--පස්සේ ඔයාල කැමති විදියට shortcut එකට name එකක් දීල OK ක්ලික් කරන්න.

02.ක්‍රමය
--මුලින්ම ඔයාල ඔයාලගේ OS එකේ (Skype.exe) කියන Skype executable file එක හොයාගන්න ඕනේ. එක බොහෝ දුරට C:\Program Files\Skype\Phone\ කියන parth එකේ වෙන්න පුළුවන්. (OS එකේ පිහිටිම අනුව වෙනස වෙන්නත් බැරි නැහැ.)
--හොයාගත්තු (Skype.exe) කියන file එක right ක්ලික් කරලා Send to > Desktop (create shortcut) යන්න සිදු කරන්න.
--ඊට පස්සේ ඒ file එකේ Shortcut එකක් Desktop එකට ඇවිත් ඇති. එක right ක්ලික් කරලා Properties යන්න ‍තෝරන්න.
--පස්සේ එන Window එකේ Target තීරුවට ඉහත සඳහන් කල "C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary යන්න ලබා දෙන්න.

--පසුව OK කරන්න. (කැමතිනම් ඔයාලට ඕන විදියට icon එකකුත් දෙන්න පුළුවන්.)

ඔන්න ඔච්චරයි වැඩේ!!!!! දැන් ඉතින් ඔයාලට කැමති විදියට account 2කින් එකපාර skype ලොග් වෙන්න පුළුවන්. මොකක් හරි ගැටළුවක් ඇතිවුනොත් comment එකක් දාන්න. ඔයාලගේ comment ගොඩාක් වටිනවා...!

4 comments:

  1. ado... ubath maara wadane danne ban..
    kohen hoya ganna dewal da danne na..
    ela ela..
    keep it up men..
    apith aluth deyak igena gannawa ne..
    thnx a lot..

    ReplyDelete
  2. comment එකට බොහොම ස්තූතියි සහෝ.... ඔයාලගේ ප්‍රතිචාර තව ලිපි ලියන්න ශක්තියක්. බොහොම ස්තූතියි!!!!

    ReplyDelete
  3. @anonymous
    comment එකට බොහොම ස්තූතියි සහෝ....

    ReplyDelete