Tuesday, November 23, 2010

"Not Responding" වලට තිතක් තියමු...!

                        ම්.. දවස් දෙක තුනකින් ලිපියක් දාන්නත් බැරි වුනා. මේ දවස් ටිකේම වැඩ ටිකකට හිර වෙලා හිටියේ. ඔන්න ඒ හැම දෙයක්ම ඉවරයක් කරල පොඩි ලිපියක් දාන්න හිතුනා. මේක Windows වල පොඩි Trix එකක්. කවුරුත් මේකට කැමති වෙයි. මොකද මේ දේට අපි කවුරුත් මුහුණපාල තියෙන නිසා. මේකයි සීන් එක. ගෙදර PC එකක් තියෙනවනම් Not Responding කියන වචනේ අමුතු දෙයක් නෙමේ. කවුරුත් හොඳට දැකල පුරුදු error massage එකක්නේ... මේක ආව වෙලාවට තියෙන ඔක්කොම හිර වෙනවා ඒ ගැනනම් අලුතින් කියන්න ඕනේ නෑ හැමෝටම හොද අත්දැකීම් ඇති.. මොකක් හරි Program එකක් Not Responding කියල වැටුන ගමන්ම අපි මොකෝ කරන්නේ Task Manager එක open කරල End Task කරනවා. එත් සමහර වෙලාවට Program එක End Task කරලා දාන්නත් Task Manager එකත් එන්නැති අවස්ථා තියෙනවා. එතකොට තමා ඉතිං යකා නගින්නේ... ඉතිං ඕකට යකා නග්ග ගන්නේ නැතුව පොඩි ලේසි Trix එකක් තමා මේ කියන්න හදන්නේ. එහෙනම් අහගන්නකො....

          කොටින්ම කිවුවොත් මේක Registry එක edit කිරීමක්. මේකෙදි අපි කරන්නේ මොකක් හරි Program එකක් Not Responding වුන ගමන්ම අපි set කරන time එකට අනුව auto , Program එක End Task වෙලා යන එක. මේකෙදි PC එක Struck කරගන්නේ නැතුව ඉක්මනින් යථාතත්වයට ගන්න පුළුවන්.. වැඩේ කරන්නේ මෙන්න මෙහෙමයි...

01. පියවර
Start > Run > Regedit

02. පියවර
දැන් Registry Edier එක open වෙයි 
HKEY_CURRENT_USER > Control Panel > Desktop

03. පියවර
Desktop කියන එක ඇතුලේ තියෙන AutoEndTasks කියන string එකේ value එක 1 ලෙස වෙනස් කර ok කරන්න. ඉන්පසුව පහලින් තිබෙන WaitToKillAppTimeout කියන string එකට දෙන්න ඕනේ program එක endtask වෙන්න ඕන time එක (මිලි තත්පර වලින් )

          ඔන්න දැන් වැඩේ හරි. ඔයාලත් කරල බලන්න. machine එක හිර කරගන්නෙ නැතුව අපේ වැඩ ටික නියමේට කරගන්න මේක උදවු වේවි. එහෙනම් මෙ ලිපියෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුනානම් පොඩි comment එකක් දාල යන්න. මේ ගැන ගැටළුවක් තිබුනෙත් එකත් ලියන්න. එහෙනම් ගිහින් එන්නම්..

Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න.... 

20 comments:

  1. ela macho. maxxx post eka.

    ReplyDelete
  2. @sachith
    thanx macho.. & thanx for a comment!

    ReplyDelete
  3. එල මටත් ඕක හෙන ප්‍රශ්ණයක් වෙලා තිබුනේ.

    ReplyDelete
  4. @Anonymous
    thanx මචෝ comment එකට. ඔව්. ඕක ගොඩක් දෙනෙක්ට ප්‍රශ්ණයක්. එකයි එ ගැන ලියන්න හිතුවේ.. එල

    ReplyDelete
  5. 7න් වල AutoEndTasks කියල එකක් නෑනෙ බං.කොතෙන්ටද දාන්නෙ.

    ReplyDelete
  6. මම ෙම්ක ෙවන ෙකෙනකුෙග බ්ෙලාගයක දැක්ක. ෙකාපියක්ද?

    ReplyDelete
  7. aiye win 7 wala ehema ekak nane

    ReplyDelete
  8. @dinesh & Anonymous
    ඔව් යාලු.. මේ option එක Win 7 වලට දීල තියෙන්නේ. අමුතුවෙන් edit කරන්න ඕනේ නැහැ. එ නිසා වැඩි කරදර වෙන්න ඕනේ නැහැ.

    ReplyDelete
  9. @Anonymous
    මං නම් හිතන්නැ. එහෙම දෙයක් ඔයා මිට කලින් දැකල තියෙනවනම් එ කොහෙද, කොතනද කියල ලින්ක් එකත් එක්කම දාන්නකො...

    ReplyDelete
  10. @Madushka
    එලම තමා... ගොඩක් ස්තූතියි මචං comment එකට..

    ReplyDelete
  11. @sameera
    thanx a lot machan....!!!!! godak thanx comment ekata.

    ReplyDelete
  12. fai said
    ekanam watinawa machan thanks

    ReplyDelete
  13. @fai
    ela machan.. comment ekata thanx der. issaratath redila itan.

    ReplyDelete