Showing posts with label වෙනත්. Show all posts
Showing posts with label වෙනත්. Show all posts

Saturday, July 5, 2014

ඔන්න යලිත් Lkmagz blogspot update වෙන්නයි යන්නේ.

ඇත්තම කිව්වොත් මේ දවස් වල ගොඩක් මහන්සි  වෙලා ජොබ් එක කරන්න උනා..මුල් කාලේ ටිකක් කට්ට තියනවනේ... ඒකනිසා බ්ලොග් එකවත් බලන්න වෙලාවක් තිබුනේ නෑ..දැන් තමයි නිදහසක් සෙට් උනේ..ඉතින් යාලුවනේ සිදු උන අතපසු වලට සමාවෙන්න ඕනා..ඔන්න මම අයෙත් ඔයාලා වෙනුවෙන් ලියන්න පටන් ගත්තා..කියන්නනම් දේවල් ගොඩක් තියනව අලුත් දේවල් ගැන එහෙනම්  අපි අලුත්ම පොස්ට් එකකින් හමුවෙමු

සුබ දවසක්

Sunday, November 28, 2010

මෙන්න මගේ අලුත් වැඩ ටිකක්..!!!

                           කොහොමද යහලුවේ... දැන් ඉතිං ඔයාල මාව ටිකක් හොඳට දන්නව ඇතිනේ. මෙච්චර දවසක් මගේ අඩවියට පිවිසි ඔයාලට ගොඩාක් ස්තූතියි!! එ වගෙම ඉස්සරාටත් ඇවිත් මව බලල එහෙම යන්න. ඔන්න අද නම් මං ඔයාලට අලුතෙන් මුකුත් ගෙනාවේ නැහැ. එත් මං අද කියන්න යන්නේ මං කරපු දෙයක් ගැන. මේ දේට ඔයාලගේ කැමැත්ත අකමැත්ත මට ඕන වෙයි.

මුලින්ම කියන්න ඕනේ මං මගේ Header එක වෙනස් කලා.. ඔය site එක උඩින්ම පෙන්නේ එක තමයි!! කොහොමද හොඳයිද වැඩේ....? විශේෂයෙන් කියන්න ඕනේ මේකට මගේ යහළුවෙක් උදව් කලා. එ අමිත්. එයාට මං ගොඩාක් ස්තූති වෙනව මේ වෙනුවෙන්. එ වගේම අද දවස මෙහෙම ඔයාලත් එක්ක අදහස් බෙදා ගන්න ගොඩාක් අය මට උදව් කලා. එ හැමෝටම ගොඩක් ස්තූතියි!!! Header එක ගැන නින්දා ප්‍රශංසා තියෙනවනම් comment එකකින් එවා එකතු කරන්න. එව මට ගොඩක් වැදගත් වෙයි.



         ඊලඟ කාරණාව මේකයි. කවුරුත් දාන්නවනේ ඉස්සරට එන්නේ නත්තල් කලේ කියල. ඉතින් එ වෙනුවෙන් මං මගේ බ්ලොග් එකට පොඩි හිම වැස්සක් එකතු කලා. කොහොමද ඉතින් මේ වැඩේ...? ඉතිං ඔයාලත් කැමති නම් ඔයාලගේ බ්ලොග් එකට හිම වැස්සක් එකතු කර ගන්න. මෙන්න මෙහෙම කරන්න.

01. මුලින්ම ඔයාලගෙ බ්ලොග් account එකට ලොග් වෙලා ඉන්න.
02. ඊට පස්සේ  Layout/Design  – Page Element – Add Gadget – HTML / JavaScript එකක් ගන්න.
03. පස්සේ 'HTML / JavaScript box' එකට පහල තියෙන code එක copy කරන්න.
<script src="http://snow-effect.googlecode.com/files/snow.js" type="text/javascript"></script>
04. දැන් Save button එක ක්ලික් කරන්න.

                      වැඩේ හරි. ඔන්න දැන් ඔයාලටත් හිම වැටෙනවා. ලංකාවටවත් හිම වැටෙන්නැති එකේ ඔයාලගේ බ්ලොග් එකට හිම වැටෙනකොට කාටද ආඩම්භර!!! එහෙනම් ඔච්චරයි මට කියන්න තියෙන්නේ. මං අද මේ ලිපිය ලිවුවේ ඔයලාගෙන් මේ දේවල් වලට කැමැත්ත අකමැත්ත දැන ගන්න. මං ඔයාලගෙන් එ දේ බලාපොරොත්තු වෙනවා... එ වගේම අද පොඩි දෙයක් හරි කියල දෙන්න ලැබුනු එකට ගොඩක් සතු‍ටු වෙනවා. එහෙනම් ගිහින් එන්නම්. මතක ඇතුව comment එකක් දාල යන්න...

Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න.... 

Sunday, October 17, 2010

මගේ ආරම්භය...


ඔන්න ඉතිං, මාත් මේ වැඩේ පහු වෙලා හරි පටන් ගත්තා. දැනටමත් බ්ලොග් සිය ගාණකටත් වඩා අපිට බලාගන්න පුලුවන්නෙ. ඇත්තටම, මාත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ මේ බ්ලොග් අඩවි වලින්ම තමා. එක අදටත්, ඉස්සරාටත් එහෙමමයි. ඉතින් මටත් පොඩි ආසාවක් ආවා සිංහල බ්ලොග් එකක් පටන් ගන්න. මාත් ඉතින් කැමතියි Internet එකේ ඉන්න ගමන් ආසාවට කරන වැඩ ටිකක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. මාත් ඉතින් වේලාවක් ලැබුනම තම මේකේ මොකක් හරි ලියන්න පුලුවන් වෙන්නෙ. මොකද අපි හැමොටම කාලය රන් හා සමානයිනේ.

මම මේ බ්ලොග් එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්තර්ජාලයේ නවතම තොරතුරු, අන්තර්ජාලයේ මුදල් ඉපයිමේ පහසු ක්‍රම, තාක්ෂණික ලිපි ඔයාලත් එක්ක බෙදා හදා ගන්නයි. ඉතින්, මේ හැමදෙටම මට ඔයාලගේ සහයෝගය අවශ්‍යය වෙනවා. ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව තමා මම් මේ බ්ලොග් එක පවත්වගෙන යන්න අදහස් කරන්නෙ.

එහෙනම්, මාත් එක්ක ඉස්සරාට දිගටම ‍රැදිල ඉන්න...