Sunday, October 17, 2010

මගේ ආරම්භය...


ඔන්න ඉතිං, මාත් මේ වැඩේ පහු වෙලා හරි පටන් ගත්තා. දැනටමත් බ්ලොග් සිය ගාණකටත් වඩා අපිට බලාගන්න පුලුවන්නෙ. ඇත්තටම, මාත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ මේ බ්ලොග් අඩවි වලින්ම තමා. එක අදටත්, ඉස්සරාටත් එහෙමමයි. ඉතින් මටත් පොඩි ආසාවක් ආවා සිංහල බ්ලොග් එකක් පටන් ගන්න. මාත් ඉතින් කැමතියි Internet එකේ ඉන්න ගමන් ආසාවට කරන වැඩ ටිකක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. මාත් ඉතින් වේලාවක් ලැබුනම තම මේකේ මොකක් හරි ලියන්න පුලුවන් වෙන්නෙ. මොකද අපි හැමොටම කාලය රන් හා සමානයිනේ.

මම මේ බ්ලොග් එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්තර්ජාලයේ නවතම තොරතුරු, අන්තර්ජාලයේ මුදල් ඉපයිමේ පහසු ක්‍රම, තාක්ෂණික ලිපි ඔයාලත් එක්ක බෙදා හදා ගන්නයි. ඉතින්, මේ හැමදෙටම මට ඔයාලගේ සහයෝගය අවශ්‍යය වෙනවා. ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව තමා මම් මේ බ්ලොග් එක පවත්වගෙන යන්න අදහස් කරන්නෙ.

එහෙනම්, මාත් එක්ක ඉස්සරාට දිගටම ‍රැදිල ඉන්න...

0 comments:

Post a Comment