Tuesday, October 26, 2010

කාටත් නොදැනිම Windows 7 තම ප්‍රථම උපන්දිනය සමරයි!!


ටික දවසකින් post එකක් දාන්නත් බැරි වුනා. මොකද මේ දවස් ටිකේ පොඩි වැඩ වගයකට හිර වෙලා හිටියේ. කොහොම වුනත් අද ම්ං කියන්න යන්නේ දන්නෙම නැතුව ගෙවිල ගිය Windows 7 පළමු උපන්දිනය ගැනයි. කවුරුත් මේ ගැන වැඩිපුර කථා නොකරපු නිසයි අද මං මේ ගැන කථා කරන්න හිතුවේ.


Windows 7 අපි කාටත් හුරුපුරුදු වචනයක්නේ. මොකද පහුගිය දවස්වල නිතරම කථාබහ වුණු, කාගෙත් අවධානය ගත්තු OS එකක් නිසා. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔක්තෝම්බර් 22 දා Windows 7 එයාගේ පළවෙනි උපන්දිනය සැමරුවා. ඒ කියන්නේ 2009 ඔක්තෝම්බර් 22 තමයි එයා ඉපදුනේ. අපිට නම් මේක දැනුනෙවත් නැති වුනට ලෝකයේ අනිත් අයට නම් මේක හොඳට දැනුනා. කොහොම වුනත් Windows 7 වෙළදපොළට නිකුත් වෙලා ගෙවුණු මුල් මාස 4 විතරක් OS කොපි කෝටි 9ක් විකිණිලා තියෙනවා. මේ වනවිට එක කෝටි 27 දක්වා ඉහළ නැගල කියලයි දැනගන්න ලැබෙන්නේ. ඇත්තටම මේ Windows 7 වෙළදාම Vista වෙළදාමට වඩා 234% කින් වැඩි වුණු වෙළදාමක්. ඒ කියන්නෙ Windows OS ඉතිහාසයේ වේගයෙන්ම අලෙවි වුණු OS එක වෙන්නේ Windows 7 කියන එකයි.


Windows 7 මේ තරම් වේගයෙන් අලෙවි වුණේ එක ගැන තිබුණු ජනතා විශ්වාසය කියලයි කියන්නේ. Windows 7 නිර්මාණය කරන්න Microsoft ඉංජිනේරුවේ 3000 කගේ මහන්සියත් එක අත්හදා බලන්න එක්වුණු අසු ලක්ෂයක් වන beta testers ලගේ විශ්වාසය මේකට මුල් වෙලා තියෙනවා.

මේ හැමදෙකින්ම පෙන්නුම් කරන්නේ Windows 7 වල තියෙන සාර්ථකත්වයයි. ලෝකයේ තියෙන පරිඝනක ගත්තම එවායෙන් සෑම දහයෙන් නවයක්ම තියෙන්නේ Windows මෙහෙයුම් පද්ධති. ඒ අතරින් Windows 7 තියෙන්නේ පරිඝනක දහයකින් දෙකක් විතරයි. එත් මේ ප්‍රතිශතය වැඩිවෙමින් තියෙන්නේ. පරණ Windows සංස්කරණ සහිත පරිඝනක ප්‍රතිශතය අඩු වෙනවාත් එක්කම වෙළදපොලේ පරිඝනක වෙළදාම Windows වල සාර්ථකත්වයට හේතු වේවි.

එ කොහොම වුනත් Windows 7 නිකුත් වෙලා අවුරුදක් යන්නට කලින්ම Windows මෙහෙයුම් පද්ධති වල මිළඟ සංස්කරණය වන Windows 8 ගැන කථා බහක් ඇති වෙලා. තව අවුරුදු දෙකකින් විතර Windows 8 නිතුත් කරන්න බලාපොරොත්තු වෙනවලු. එහෙනම් ඒ බලාපොරොත්තුවටත් ඉඩක් තියාගෙනම අදට ගිහින් එන්නම්.!!!!. මේකට ඔයාලගෙ අදහසකුත් එකතු කරල යන්න.....

2 comments: