Tuesday, October 19, 2010

[ Facebook +Skype ] මොනා වේයිද....?


ඔයාල ඉතින් කවුරුත් දන්නවනේ facebook සහ skype කියන වෙබ් සයිට් දෙක. නොදන්නවනම් ඉතින් ජිවත් වෙලත් වැඩක් නැහැ. මොකද ඉතින් ඒ වෙබ් සයිට් දෙක එ තරමටම ලෝක ප්‍රකටයිනේ. මට නම් ඉතින් මේ දෙකෙන් තොර ලෝකයක් නැති තරම්. මං දැන් කියන්න යන්නේ මේ වෙබ් අඩවි දෙකේ පොඩි එක්කාසුවක් ගැනයි. පොඩිමත් නැහැ ඉතිං...

ඒ තමයි facebook සහ skype කියන සමාගම් දෙක එකට එකත් වෙලා නව සේවාවක් සපයන්න ගිවිසගෙන තියෙනවා. ඒ කොහොමද කිව්වොත්, skype එකෙන් facebook ලොග් වෙන්න පුලුවන් විදියක් සහ එ හරහා අපේ හිත මිතුරන්ට නොමිලේ call ගන්න පුළුවන් වෙන විදියටයි. මරු නේ!!!!!

ඇත්තටම මේකට හේතුව වෙලා තියෙන්නේ facebook එක ගැන කාලයක් පැතිරුණු කටකතාවක්. එ තමයි facebook එක ඔහුන්ගෙම තාක්ෂණයක් මඟින් skype වගේ නොමිලේ අන්තර්ජාල හරහා ඇමතුම් ගන්න පුළුවන් ක්‍රමයක් සකස් කරගෙන යනව කියන එකයි. එකට බය වෙලා තමයි skype එක ගිවිසුමකට එන්න කැමැත්ත පළ කරල තියෙන්නේ. (ඇයි බය වුනේ කියල ඔයාල දන්නවනේ...) ඒ වෙනුවෙන් skype සමාගම ඇ.ඩො මිලියන 100 කට ආසන්න ප්‍රමාණයක් කොටස් ආයෝජනය කරන්නලු ඉන්නේ. ලේසි නැහැ.....

එකෙන් මේකෙන් වෙන්නේ අපේ වටිනා කාලය තව ටිකක් මේ වෙබ් අඩවි වලටම වැය කරන එකයි. කොටින්ම මාත් එහෙමයි. මොනා කරන්නද ඉතිං..... එහෙනම් මතක ඇතුව යන්න කලින් ඔයාලගේ අදහස් ටිකක් මේකට එකතු කරන්න....

0 comments:

Post a Comment