Monday, October 18, 2010

Alertpay ගිණුමක් හදමු... (Internet Money - 02)


එහෙනම් අපි වැඩේ පටන් ගමු. කලිනුත් කිව්වා වගේ මේක තමා වැදගත්ම දේ. මොකද, අපි උපයන හැම සතයක්ම බැර වෙන්නේ මේ ගිණුමටයි. ඒ නිසා නොමිලේ කිසිදු ගෙවීමකින් තොරව Alertpay bank account එකක් හදන හැටි කියල දෙන්නම්. (මේක දැනටමත් දන්න අය ඇති.. නොදන්න අයටයි මේ!)

මේ ගිණුමට එකතුවන මුදල් අතටම ගෙන්න ගන්නත්, අන්තර්ජාලය හරහාම විවිධ මිලදී ගැනිම් වලටත් යොදා ගන්න පුලුවන්. චෙක්පතක් මාර්ගයෙන් මේ මුදල් අතටම ගෙන්වා ගන්නවනම් අවම වශයෙන් ඩොලර් 20ක් වත් ඔයාලගේ ගිණුමේ තියෙන්න ඕනේ. (බය වෙන්න එපා, ඔය ගාණ හොයා ගන්න පුලුවන්) එහෙනම් අපි වැඩි කථා නැතුව වැඩේට බහිමු.

01. මුලින්ම පහළ තියෙන Register Here හෝ පහලම තියෙන Alertpay Banner එක උඩ ක්ලික් කරන්න.

02. එවිට, ලැබෙන Window එකේ Sign Up Now යන්න ක්ලික් කරන්න.

03. ඊට පස්සේ පහළ තියෙන විදියට Window එකක් පෙනෙවි.

"එකේ Select Your Country එකට Sri Lanka යන්නත්, Select Your Account Type එකට Personal Start යන්නත් ක්ලික් කරන්න. අනතුරුව Next Step ක්ලික් කරන්න."

04. පසුව ලැබෙන Window එකේ තියෙන්නේ ඔයාලගේ තොරතුරු ඇතුලත් කරන එක. මේකට ඔයාලගේ සත්‍ය තොරතුරු ඇතුළත් කරන්න ඕනේ. මොකද ගෙවීම් කරන්නේ මෙහි සඳහන් නම, ලිපිනයටනේ. හා... තව දෙයක්, වයස 18ට වඩා වැඩි වෙන්නත් ඕනේ alertpay ගිණුමක් open කරන්න.


"මේකේ Region ලෙස ඔබ පදිංචි පළාතත්, Postal Code එක සඳහා http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm මඟින් දැනගෙන නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න. පසුව Next Step ක්ලික් කරන්න."


05.අනතුරුව තවත් එවැනිම Window එකක් ලැබෙවි.

"එකේ email ලිපිනයට ඔබේ සුපුරුදු email ලිපිනයත්, ඔයාල කැමති ඕනෑම ආරක්ෂාකාරි password එකකුත් ලබා දෙන්න. මේකේ Transaction PIN එකට ආරක්ෂාකාරි PIN අංකයක් ලබා දෙන්න. මේක ගොඩාක් වැදගත්. මොකද, මේ Transaction PIN අංකය මුදල් ලබා ගැනිමේදී ඕන කරනවා. ඔයගොල්ලෝ ලබාදෙන අංකය හොඳට මතක තියා ගන්න."

"ඉන්පසුව ලැබෙන Security Question 1 හා Security Question 2 ට ප්‍රශ්ණ දෙකක් Select කරලා Answer දෙකක් දෙන්න. මේවා යම්කිසි විදියකින් ඔබගේ Password අමතක වුනොත් නැවත් ගෙන්වා ගැනිමේදි වැදගත් වෙනවා. එනිසා මේ සෑම දෙයක්ම නැවත් සටහන් කරගන්නවනම් හොඳයි."

"දැන් Third Party Information එක No ලෙසම තියලා Word Verification හි තිබෙන වචනය ඒ විදියටම පහල හිස් කො‍ටුවේ Type කරන්න."

"ඒ form එකත් නිවැරදිව සම්පුර්ණ කලාම අවසානයේ Final Step යන්න ක්ලික් කරන්න. දැන් පහල තියෙන Confirmation Page එක ලැබේවි."


"දැන් කලයුතු වන්නේ ගිණුම Activate කරගන්න එකයි. එකට මේ වෙබ් පි‍ටුව ඉවත් කරල ඔබ කලින් සඳහන් කළ email ගිණුමට ලොග් වෙන්න. එහි පහත ආකාරයට Alertpay විසින් එවා ඇති email ලිපියෙහි ඇති වෙබ් ලින්ක් එක ක්ලික් කර Alertpay වෙබ් අඩවියට පිවිස ගිණුම සක්‍රීය කරගන්න."



"දැන් ඔක්කොම හරි. දැන් ඔයාලටත් Alertpay ගිණුමක් තියෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ සල්ලි උපයන්න තමා... එක ඊලඟ post එකෙන් කියල දෙන්නම්. ලඟදීම..."


"මේ සම්බන්ධයෙන් මොකක් හරි ගැටළුවක් මතු වුනොත් Comment එකක් දාන්න."



9 comments:

  1. matchan mamath bala porothuwen hetiye net eke money hoyana cranayak gana.umbe blogg eke thorathuru kiwala mata honda awabothayak labuna.mama alertpay wala umba kiyala thiyana wideyatama kala.mage account ekath hada gatha.thanks matcho... mama umbe anik post eka balaporoyhuwen ennawa.eka ekmanata thapan.

    ReplyDelete
  2. Thanx සහෝ.... මගේ post එකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් වුනනම් මටත් එක සතුටක්. දිගටම ‍රැදිල හිටන්... ඊලඟ post එකත් ඉක්මණටම දාන්නම්!

    ReplyDelete
  3. ‌‌fai said

    thank u මචං මම දැන් Alertpay ගිණුමක් හඳාගත්තා උඹට පින් සිද්ධ ‌ෙවන්න, ‌වැ‌ෙඩි හරි යයිද ?
    මම උඹ ගැන විස්වාසෙයන් ඉන‌ේන, උඹ අපිට දිගටම උදචි කරනච ‌ෙන්ද?

    ReplyDelete
  4. @fai
    කිසි සැකයක් හිතන්න එපා සහෝ.. වැඩේ හරියටම හරියනවා! onbux, neobux වලත් register වෙලා money හොයන්න පටන් ගනින්. මගදි අත හරින්න එපා. මං දන්න හැමදෙම කියල දෙන්නම්.

    ReplyDelete
  5. muchang apita oya ALERTPAY account 1ka verify karaganna credit card and bank account visthara denna ona neda???

    ReplyDelete
  6. @Anonymous
    nehe sahoo... ehema amuthuwen karanna deyak awasya wenne nehe. samanya vidiyata mail check karala verify karagaththanam hari. salli gaddi nam oya visthara athulath karanna wenawa aniwaryenma...

    ReplyDelete
  7. thanks machoooooooooooooooo.ane saho mata ara request karana letter eka click karanna bane.

    ReplyDelete
  8. @dilushanuwan
    mmmmmm... ekanam amuthuma prashnayak. uba flash player eka install karalada thiyenne? poddak hoyala balan.. ehema nethi unoth install karana.

    ReplyDelete
  9. ubanam ela macho
    alertpay ,paypal,payza, hama ekema ekama credit card eken accout thibunata awlak nehe neda

    ReplyDelete