Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Friday, November 26, 2010

OS කිහිපයක් එක්ක සෙල්ලම් දාමුද....!!!


                               අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් දෙන්නයි යන්නෙ!!!!!! සමහරක් විට ඔයාල මේ ගැන දන්නවත් ඇති. නොදන්නවත් ඇති. දන්න නොදන්න හැමෝම එහෙනම් අහගන්නකො... අද මං කියන්න යන්නේ OS ගැන (Operating Systems) පොඩි කථාවක්. ඔයාල කවුරුත් දන්නවනේ Machine එකකට OS එකක් නැතුවම බැහැ කියලා. Machine එකක් OS එකක් නැතුව වැඩ කරන්නෙම නැහැ. එක ඕන පොඩි එකෙක් දන්නවා. එත් ඔයාල හිතුවද එක Machine එකක් OS කිහිපයක් එක්ක වැඩ කරන්න..?? ඕන්න ඔය දේ ගැන තමා අද කියන්නේ...

                  ඔයාල හිතන්න පුළුවන් අපිට මොකටද OS කිහිපයක් කියලා.. එහෙම හිතුවට වැරද්දකුත් නැහැ. ඇත්තටම මෙහෙම OS කිහිපයක් තියෙන්න හේතුව තමා එක එක කාර්යයන් කරන්න එක එක OS වැඩි ප්‍රමුඛතාවයක් දැක්විමයි. උදාහරණයක් විදියට ගත්තොත් Graphic කටයුතු සඳහා වඩාත් හොඳම OS එක හැටියට සැලකෙන්නේ Mac සහ Ubuntu සංස්කරණයි. තවද Software Development කටයුතු සඳහා Windows සංස්කරණ (Windows xp/vista/7) වඩාත් උචිතයි. ඉතිං මේ මේ හේතුන් නිසා කෙනෙකුට එ එ අවශතාවන්ට අනුකූලව OS කිහිපයක වැදගත්කමක් දැනේන්න පුළුවන්. අන්න එ වගේ දේවල් වලටයි මේ! එහෙනම් මෙහෙමයි වැඩේ වෙන්නේ..

                 ඇත්තටම මේක හරි පහසු වැඩක්. මේක Virtual Machine software එකක්. මේකේ නම තමා VMWare Workstation. මේක පාවිච්චි කරලා OS ගොඩක් එක්ක එකපාරට වැඩ කරන්න පුලුවන්. ඒ කියන්නෙ ඔයාලගෙ PC එකේ දැන් තියෙන්නෙ Windows 7 OS එක කියල හිතමුකො. ඔයාලට Fedora වගේ තවත් OS එකකුත් use කරන්න ඕන උනොත් සාමන්‍යයෙන් නම් අපිට කරන්න වෙන්නේ වෙනම Partition එකකට Fedora install කරලා Fedora වලින් boot කරන්නයි. ඒත් මේ software එකෙන් එච්චර කරදර වෙන්න ඕනේ නැහැ. Windows 7 ඇතුලේ ඉඳගෙනම Fedora වල වැඩ කරන්න පුලුවන්. කරන්න තියෙන්නෙ Windows 7 වලින් VMWare install කරලා VMWare එක හරහා Fedora install කරන එකයි. ඊට පස්සෙ VMWare එකෙන් Fedora boot කරන්න පුලුවන්. හරි සරලයි. එක ඔයලාට මේක කරල බලද්දිම තේරෙයි.

                            අපිට ඕනේනම් Win Vista, Ubuntu, Mac වගේ ඕනම OS ගනනක් එක්ක එකපාරට වැඩ කරන්න පුලුවන්. එත් එකට එ එ OS එකට ඕන කරන Hardware Requiems අපි සපුරල දෙන්න ඕනේ. එ අනුව එක එක OS එකට අවශ්‍ය RAM capacity එක අපිට ඕන විදියට දෙන්න පුලුවන්. OS ගොඩක් එකපාර run කරන්න නම් ගොඩක් Memory ඕන. එහෙනම් එච්චරයි කරන්න තියෙන්නේ. ඔයාටත් මෙහෙම Software එකක ඕනකමක් තියෙනවනම් විතරක් මේ දේ try කරල බලන්න. නැත්නම් මේ දේ ඔයාලගේ IT දැනුමට එකතු කර ගන්න.
Software එක මෙතනින් බා ගන්න.


එහෙනම් මෙ ලිපියෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුනානම් පොඩි comment එකක් දාල යන්න. මේ ගැන ගැටළුවක් තිබුනෙත් එකත් ලියන්න. එහෙනම් ගිහින් එන්නම්..

Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න.... 

Wednesday, November 24, 2010

Proxy සඳහා ආරක්ෂාකාරී අදේශකයක්..!!!!

              මට අද හිතුන ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කථා කරන්න. සමහරක් අය මේ දේට ගොඩක් කැමති වෙයි. එ මොකද කියල ඔයාලම හිතල බලන්නකො. අද මාතෘකාව තම Proxy!. අපේ ජංජාලය පාවිච්චි කරන ගොඩක් යාළුවේ Proxy භාවිතා කරනවා. එ මොකටද කිවුවොත් එක එක Site වලට යන්න, තව තව හොර වැඩ වලට, එහෙමත් නැත්නම් කරන්න දෙයක් නැතිම තැන Proxy use කරන අය ඉන්නවා. කොහොම වුනත් මේ දේවල් වැරදි නැහැ. මොකද තාක්ශණය තියෙන්නේ උඩ බලාන් ඉන්න නෙමෙයිනේ. 

                         එහෙත් මෙහෙම Proxy පාවිච්චි කරන අපිට එක දෙයක් අමතක වෙනවා. සමහරක් අය මේ දේ නොදන්නව වෙන්නත් පුළුවන්. එ තමයි Proxy Site වලින් Log වෙද්දි එයාල අපේ Username, Password ගන්නවා. එ විතරක් නෙමේ අපේ Details පවා එකේ රෑදෙනවා. ඉතින් එක එච්චර හොඳ දෙයක් නෙමේ. එක ඔයාලටම තේරේනවනෙ. ඉතින් ඕකට විසඳුමක් තමා අද මේ කියන්න හදන්නේ. මේක අලුත් Software එකක්. මේකේ තියෙන වාසිය තමා අපේ Details කටවත් කොහොමවත් ගන්න බැරි එකයි. තව මේත් එක්කම 12month 120GB Premium VPN Account එකක් මේකට ලැබිමයි. එ නිසා කිසි දෙකට බය වෙන්න ඕනෙ නැහැ. එහෙනම් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ....

මුලින්ම මෙන්න මේ Site එකට ගිහින් Register වෙන්න
මේක එච්චර අමාරු දෙයක් නෙමේ. එ නිසා සාමාන්‍ය විදියට Register වෙන්න.


             ඊට පස්සේ ඔයාලට සිද්ධ වෙනවා එයාල මඟින්ම ලබා දෙන Software එක බාගන්න. එකට මෙතන ක්ලික් කරන්න. ඔයාලට ඕනේම නම් Site එක තුළින්ම Log වෙලා මේ දේ කරන්න පුළුවන්. එත් Software එක මාර්ගයෙන් Log වෙන එක වඩාත් පහසුයි. මං නම් අනුමත කරන්නෙ එකයි. බා ගත්තු Software එක දැන්ම Install කරන්න එපා.

                  ඊට පස්සේ Site එක හරහා ඔයාලගේ Account එකට Log වෙන්න. එතකොට මෙතන පේන විදියට Activate Serial Number කියන තැන Serial එක හැටියට cobiextra කියල දෙන්න. දැන් වැඩේ හරි. දැන් ඔයාලටම දකින්න පුළුවන් වෙවි 12month 120GB Premium VPN Account එකක් ඔයාලගේම වෙලා කියලා. දැන් Software එක Install කරගන්න. ඉතුරු ටික ඉතින් ඔයාල දන්නවනේ.. සාමාන්‍ය විදියට Software එක use කරන්න.




       මේ ගත්තු උත්සහයෙන් යාලුවන්ට ප්‍රයෝජනයක් වුනා නම් , ඒ ගෑන පොඩි සටහනක් comment එකක් විදියට දාල යන්න අමතක කරන්න එපා. මං මේ වෑය කල කාලයට වෑදගත් ලිපියක් නිර්මාණය කලා කියලා හිතනවා නම් ඒ බව පෙන්නුම් කරන්න. තමන්ට තව දුරටත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒවාට මං නොපෑකිලිව උත්තර දෙන්න මං සෑදි පෑහෑදි ඉන්නවා..

Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න.... 

Friday, November 19, 2010

Mouse එක වෙනුවට නහය භාවිතා කරමු...!!!!

                                          අද මං කියන්න යන්නේ අලුත්ම Software එකක් ගැනයි. එ වගේම මේක ගොඩක්ම අලුත් News එකකුත් වෙවි. මේකයි සීන් එක, ඔයාල ඔයාලගේ PC එක වැඩ කර කර ඉන්න ගමන් mouse එක එකපාරටම වැඩ කරන්නේ නැති වුනොත් මොකෝ කරන්නේ??????? වෙන මොනා කරන්නද ඉතින් උඩ බලන් ඉන්න තමා වෙන්නේ. මට නම් එ වේලේට තමා mouse එක හදපු උන්ගේ අම්මලා සිහි වෙන්නේ... එ තරමටම අපිට mouse එක ඕන කරනවා. mouse එක නැතුව මුකුත් කරන්න බැහැ. ඊලඟ දවසේ mouse එකක් ගන්නකං ඉතින් පැත්තකට වෙලා ඉන්න තමා වෙන්නේ. ඔන්න ඕකට විසඳුමක් තමා අද මං කියන්න යන්නේ. එ තමයි අපේ mouse එක වෙනුවට නහය පාවිච්චි කරන එකයි. ඔයාල දැන් බලනවා ඇති මේ මොකක්ද මේ හරුපේ කියල. මූට පිස්සුද කියලත් හිතනවා ඇති. අනේ මන්දා මටත් මේක මුලදී හිතාගන්න බැරි වුණා. එත් ටිකක් හිතන්න තාක්ෂනයේ දියුණුව.

                මුලින්ම මේකට වෙබ් කැම් එකක් ඕන කරන්වා. Laptop එකක් තියෙනවනම් වැඩෙ තවත් ලේසියි. තව මේ සඳහාම software එකක් තියෙනවා. එක free ගන්න පුළුවන්. මේකෙදි වෙන්නේ Software එක මාර්ගයෙන් තමන්ගේ මූණ mouse එක හැටියට භාවිතා කරන්න ඉඩ දීමයි. mouse එක හැටියට මූණ නාභිගත කරන්න තමා වෙබ් කැම් එක ඕනකරන්නේ. මොන වුනත් මේක නම් නියමයි. මං මේක try කරල බැලුවා. (මට තියෙනවනේ හැමදෙයක්ම try කරන අමාරුවක්. එකයි!!) වැඩේ නරකම නැහැ. නියමේට වැඩ. එ වගේම මාර ෆන්!!! ඔයාලත් කැමතිනම් try කරලා බලන්න. මං මේ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මේකේ භාවිතය ගැන අදහසක් පල්ලේහා තියෙන Video ටික බලලා තේරුම් ගන්න. තව මේකට ඕන කරන Software එක බා ගන්න ඕනේ නම් පහළ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.
                            මෙතනින් download කරගන්න....
වැඩි විස්තර...

Youtube Video ටික...


           ඔන්න ඕකයි තාක්ෂණයක අරුමය. මේක වැඩ කරන්නේ නම් Windows 7, Vista වලට විතරයි. එහෙනම් try කරල බලන්න. මං හිතනවා මේක හොඳ News එකක් වගේම Software එකක් වේවි කියලා. එහෙනම් යන්න කලින් ඔයාලගේ අදහසකුත් මේ සම්භන්ධයෙන් එකතු කරල යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්.. 

Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න.... 

Tuesday, November 2, 2010

පරිඝණකයට වින කරන files delete කරමු...!!!!!

අද මං කියන්න යන්නේ ඔයාල කාටත් වැදගත් වෙන දෙයක් ගැනයි. එ තමයි Windows වලට හානි වන සමහරක් file, delete කරන්න බැරි ගැටළුව. මේක system file වලට විතරක් නෙමේ අපි පාවිච්චි කරන ඕනේම file, folder එකට වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මොකක් හරි file එකක් delete කරද්දි සමහරක් විට මෙහෙම errors එන්න පුළුවන්....
"-Cannot delete file: Access is denied"
"-There has been a sharing violation."
"-The source or destination file may be in use."
"-The file is in use by another program or user."
"-Make sure the disk is not full or write-protected and     that the file is not currently in use."

කවුරු කොහොම කිවුවත් කොම්පියුටරයක් පාවිච්චි කරන කාටත් මේ ගැටළුව ඇතිවෙලා ඇති. කොටින්ම මේ මටත්. සමහර file delete කරන්න මං නොකරපු දෙයක් නැතුව ඇති. එකට විසඳුමක් ගැන තමයි මං මේ කියන්න යන්නේ!!

එ තමයි Unlocker 1.8.9 (Unlock Undeletable FILES) කියන Software එක. බොහොම සරල, පුංචි ගැජමැටික් එකක්. මේකෙන් file delete කරන්න විතරක් නෙමේ move, rename වගේ දෙවලුත් කරන්න පුලුවන්. මං හිතන්නේ මේක කාටත් ප්‍රයෝජනවත් වෙවි. මේක use කරන විදියත් මං දැම්මා. screenshot ටික බලලා වැඩේ අල්ල ගන්නකො.













වැදගත් - යම්කිසි file එකක් හෝ folder එකක් delete කළ සැනින් එතැනින් ඉවත්ව යන්නේ නැත. එය සිදුවෙන්නේ reboot කිරිමකින් අනතුරුවය. එතෙක් එම file එක හෝ folder එක ‍රැඳි පවති.