Wednesday, December 1, 2010

Firefox Sidebar එකට Google Talk එකතු කර ගමු..!!

                       ඔන්න අදත් මන් ඔයාලට පොඩි Trix එකක් හරං ආවා. අපේ යහලුවෝ ගොඩාක් කැමතියිනේ Chat කියන වචනේට. Chating කිවුවොත් මුකුත් ඕනේ නැහැනේ. අනික Chat කියපු ගමන් අපි කාටත් මතක් වෙන්නේ Facebook. එ මොකද අපි කගෙත් Chating අතරේ ප්‍රමූඛයා Facebook නිසායි. Facebook එකට අමතරව අපි දන්න හොඳම Chating Services එක මොකක්ද කියල ඇව්වොත් මං නම් කියන්නේ Google විසින් කරගෙන යන GTalk කියලා. මගේ හිතට හොඳට අල්ලල ගිය Chat Services එකක්. ඔයාලට දැන් තේරෙනව ඇතිනේ.. GTalk තමා අද මගේ මාතෘකාව. එහෙනම් ඔන්න අහගන්නකො..

               මුලින්ම මං කියල දෙන්නම් කිසි කරදරයක් නැතුව GTalk වලට log වෙන්න ක්‍රමයක්. සාමාන්‍යයෙන් අපි GTalk ලොග් වෙන්න එක එක වෙබ් සයිට් වලට යන්න ඕනේනේ. මේකෙදි එහෙම ඩෙයක් ඕන වෙන්නේ නැහැ. එහෙ මෙහෙ යන්නේ නැතුව බොහොම ලේසියෙන් මේ ලින්ක් එක ඔස්සේ ගිහින් GTalk ලොග් වෙන්න පුලුවන්. මෙන්න මේකයි ලින්ක් එක...  http://talkgadget.google.com/talkgadget/client

          ඊට පස්සේ මං කියල දෙන්න යන්නේ කොහොමද GTalk Web Based Client එක Firefox එකට Bookmark කරගන්නේ කියල. තේරුනාද මන්දා...? ඔන්න එහෙනම් මේ පහළ තියෙන පින්තූරේ බලල ඉන්නකො.. එතකොට වැඩේ තේරේයි...


               OK... දැන් තේරෙන්න ඇතිනේ මේ මොකක්ද වෙන්න යන්නෙ කියල.. ඔන්න එහෙනම් මෙහෙමයි වැඩේ වෙන්නේ. මුලින්ම ඔයාල අර මං කලින් දුන්නු link එකෙන්  ගිහින් ඔයලගේ GTalk Account එකට ලොග් වෙන්න. මුල් වතාවට ඔයාල ඔය ලින්ක් එකෙන් ලොග් වෙනවනම් ඔයාලට මෙහෙම දෙයක් පෙනෙවි. ඉතින් ඔයාලට තියෙන්නේ Yes කරන්න. එතකොට වැඩෙ හරි...

            නිකං හරි ඔයාලට එහෙම දෙයක් දකින්න ලැබුනේ නැත්නම් මෙහෙම කරන්න. කෙළින්ම GTalk Tab එක right click කරලා Properties වලට යන්න. එතකොට මෙහෙම දෙයක් පෙනේවි. ඊට පස්සේ ලැබෙන Window එකේ “Load this bookmark in the sidebar” කියන තැන හරියක් දාන්න. පස්සේ Save කරන්න. දැන් ඔක්කොම හරි..

              මේක බොහොම පහසු වැඩක්. ඔයාලගේ වැඩ පහසු කරගන්නයි මේක මං ඔයාලත් එක්ක බෙදා ගත්තේ. මොකද GTalk Chat Client එක වෙනම Tab එකක් තියෙනකොට ටිකක් අපහසුයි. ඉතින් මෙහෙම Browser එකටම bookmark වෙලා තියෙනකොට වැඩේ ලේසියි. එහෙනම් මෙ ලිපියෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුනානම් පොඩි comment එකක් දාල යන්න. මේ ගැන ගැටළුවක් තිබුනෙත් එකත් ලියන්න. එහෙනම් අදට ගිහින් එන්නම්..

Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න....

6 comments:

  1. ela machan... :):)

    ReplyDelete
  2. hehe... ela. thanx machan comment ekata..

    ReplyDelete
  3. Nice one machan,very useful,,,, ;;)

    ReplyDelete
  4. @Anonymous
    එල මචන්.. comment එකට බොහොම ස්තූතියි!

    ReplyDelete
  5. @dukaa
    ela. try karala balan.. thanx for a comment

    ReplyDelete