Wednesday, December 22, 2010

Facebook වලට තවත් අභියෝගයක්...!!

                 ම්... ඔන්න අදත් මං ඔයාලට අලුත් News එකක් ගෙනාව. ඔයාල දන්නවනේ මං ගෙන්නේ එසේ මෙසේ News නෙමේ කියලා. අපි කාටත් වැදගත්ම වෙන News එකක් තමා මං කිවුවෙත් කියන්නේ. නැතුව අනං මනං වල් පල් නෙමේ. ඉතින් ඔන්න අද මං ගෙනවා අලුත් News එකක්. එ වෙන මුකුත් ගැන නෙමෙයි, Social Network ගැනයි. Social Network කියපු ගමන් අපි කාටත් ඉතින් මතක් වෙන්නේ Facebook නේ.. එක ඉතිං අවිවාදයෙන් පිළිගන්න ඕන දෙයක්නේ. ඇත්තටම Facebook අපේ ජිවිත වලට ලොකු වෙනසක් ඇති කලා. (හොඳ හෝ නරක). එ කොහොම වුනත් Facebook දැන් අපිට නැතුවම බැරි තත්වයක් උදා වෙලා...

              කොහොමෙන් කොහොම හරි අද මං කියන්නේ Facebook ගැන නම් නෙමේ. මං කියන්න අදන්නේ Facebook එකට අභියෝගයක් වෙන්න පුලුවන් Social Network සයිට් එකක් ගැනයි. ම්... ඔයාල දැන් හිතයි මං මේ කියන්න යන්නේ Diaspora ගැන කියල. අයියෝ.... නැහැ. Diaspora කියන්නේ දැන් ටිකක් පරණ News එකක්. එක ගැන මං ඉදිරියෙදි සවිස්තරාත්මක ලිපියක් දාන්නයි ඉන්නෙ... ඉතින් මං අද මේ කියන්න යන අලුත්ම Social Network එක තමයි "JUMO" (ජුමෝ).... සමහරු මේ ගැන දන්නවත් ඇති, නොදන්න අය එහෙනම් අහගන්නකො..

              ඇත්තටම Jumo කියන්නේ බොහෝවිට Facebook වලට අභියෝගයක් කළ හැකි මට්ටමේ වෙබ් අඩවියක්. ඔයාල හිතනවා ඇති අයි මං එහෙම කියන්නෙ කියලා. මේකයි.. මේ Jumo වෙබ් අඩවියේ නිර්මාතෘ ක්‍රිස් හියුස් නැමැත්තා Facebook වෙබ් අඩවියේ සම නිර්මාතෘ වීමයි. ඔහු 2007 දී facebook හැර ගිය අතර එකල ඇමරිකාවේ ජනාධිපති තරඟයට තරඟ කළ බැරක් ඔබාමා ගේ නිල අන්තර්ජාල මෙහෙයුම් ප්‍රචාරණ අධ්‍යක්ෂවරයා ලෙස කලයුතු කලා... මේ කොහොම වෙතත් මේ වන විට Jumo ඉතා ඉහළ ප්‍රගතියක් ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. ඉදිරියෙදි Facebook හට ප්‍රබල අභියෝගයක් එල්ල වනු බව නිසැමයි. එත් ක්‍රිස් හියුස් නම් කියන්නේ මේක කාටවත් අභියොගයක් වෙන්න කරපු දෙයක් නොවන බවත්, මෙය හුදෙක් සමස්ථ ලෝක ප්‍රජාවට යහපතක් ඉ‍ටු කිරීම උදෙසා පමණක් මෙය ඇරඹී බවයි.


ඉතින්, ඔන්න ඕකයි එකෙත් හැටි... තව ඉස්සරාට මේ ගැන ගොඩක් දේවල් දැන ගන්න ලැබේවි. දැනගත් ගමන් එ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න මං සුදානම්. ඉතිං එහෙනම් අදට මං ගිහින් එන්නම්.. මේ ගැන ඔයාලගේ අදහස් ටිකකුත් දාල යන්නකෝ... එක අපි කාටත් ප්‍රයෝජන වෙවී...!

Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න.... 

4 comments:

  1. Don't write "moda Posts" Jumo is not like facebook,Its a social fund raising site :-P

    ReplyDelete
  2. @Anonymous
    hehe... Don't write machan "moda Comment" එතකොට facebook කියන්නේ social fund raising site එකක් නෙමේද? විහිලු කරන්න එපා බං.. මිට වඩා social network ගැන හොයන්.. හැම social network එකකින්ම social fund raising කියන කාර්යය ඉස්ට වෙනවා..

    ReplyDelete
  3. උඩ කොමෙන්ට් එක ට්කක් ඇත්ත වගේ.
    දැනට එයාල කියන්නෙ මෙහෙමනෙ.
    "Currently, the Jumo site is merely an elegantly designed homepage that announces Hughes’s mission to “bring together everyday individuals and organizations to speed the pace of global change. We connect people to the issues, organizations, and individuals relevant to them to foster lasting relationships and meaningful action.""
    ඒත් මෙහෙමත් කියනව.
    "Hughes told us, however, that the site will later be organized much like a social network — with profiles for individual users that contain a collection of information that they have shared and used, pages for organizations created both by the orgs in question and others, and issue pages that serve as a kind of discussion of the topics at hand."
    මේ අනුව මේක මුහුණු පොත වගේ එකක්ම වෙන්නෙ නෑ. මුහුණු පොත කියන්නෙ මිතුරන් එකතු වෙන ඕනෙම කුණුගොඩක් තියෙන තැනක්. නමුත් Jumoහි vision එකේ එහෙම මිතුරු සමාජයක් හදනවා කියල එකක් කොහෙවත් නෑ. ඔවුන් කරන්න හදන්නෙ විවිධ පුද්ගලයින්, සමාගම්, එකට එකතු කරන එකක්. ඊට පස්සෙ ඔවුන් අතර සබඳතා ඇති කරමින්, ඒ අයගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම. (පුද්ගලික ප්‍රශ්න නෙමෙයි, උදාහරණයකට, තාක්ෂණික ප්‍රශ්න වගේ.) ‍
    ඉතින් මේක මුහුණු පොතට වඩා යම් ආකාරයකින් වෙනස් දෙයක්.

    ප.ලි. ඉංග්‍රීසියෙන් ලියන ලද ඒවා, http://mashable.com/2010/03/18/jumo/ වලින් උපුටා ගන්නා ලදී.

    ReplyDelete
  4. මොන සමාජ ජාලයෙන් හරි මිනිස්සුන්ට සෙතක් වෙනවනම් එචරයිනේ නේද..? ගොඩක් හැදෙන අලුත් web sites Face book වගේ දිගටම නොපැවතීම ගැටලුවක්.

    ඉතින් අපි හැමොම සමාජයට වැඩක් වෙන එක්ක කරනවනම් වටිනවා නේද මම සයිට් එකනම් බෙලුව ලොඩ් උනේ නැහැනේ

    ReplyDelete