Friday, October 29, 2010

ඇස් පිනා යන අලුත්ම Tattoo කලාව...


අද මං ඔයාලට දෙන්න හදන්නේ අමුතුම විදියේ news එකක්. ඔන්න ඉතින් මේක බලලා මට බනින්න නම් එපා මේ මොන මළ ජරාවක්ද කියල...! කොහොම වුනත් මේක තම අලුත්ම Body Art එක. Tattoo ක්‍රමයක් කිවුවොත් හරියටම හරි. මේක දැක්කාම මට නම් හිතෙන්නේ ගොඩාක් වියදම් වෙන, ටිකක් රිදෙනව ඇති කියලයි. hikz...


ඔයාලගේ අදහසුත් මේකටම එකතු කරල යන්නකො...

Wednesday, October 27, 2010

Neobux වලින් පහසුවෙන් මුදල් සොයමු..... (Internet money - 3)


Internet Money! ඔයාල කාටත් මේ වෙනකොට මේ ගැන පොඩි අදහසක එහෙම ඇතිනේ. මේ සම්බන්ධයෙන් මන් මීට කලිනුත් post කිහිපයක්ම දාල තියෙනව. (එවා කියෙවුවේ නැත්නම් මෙතන ක්ලික් කරන්න.) අද මං කියන්නෙ Neobux වලින් සල්ලි හොයන විදිය. මේකත් කලින් ලිපියක සඳහන් වුණු Onbux වගේමයි. (එ ලිපිය කියවන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න) Neobux කියන්නේ Onbux වගේම PTC සයිට් එකක්. ඒ කිව්වේ ඇඩ් ක්ලික් කරල මුදල් හොයන සයිට් එකක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මං මේ සඳහන් කරන PTC සයිට් සියල්ලම 200% ක්ම විශ්වාසනීයවම මුදල් හැවන එවායි. බය වෙන්න කිසි හේතුවක් නැහැ. ඒ නිසා බය නැතුව register වෙලා මුදල් හොයන්න. සාර්ථකත්වය වැඩි ඈතක නැහැ.



"එහෙනම් අපි වැඩේ පටන් ගමු. මුලින්ම තියෙන්නේ Neobux වල register වෙන එක. එකට මුලින්ම පහල තියෙන Register Here හෝ උඩින් තියෙන Neobux banner එක උඩ ක්ලික් කරන්න."

Register Here


"ඊට පස්සේ ලැබෙන window එකේ Register කියන තැන ක්ලික් කරන්න. දැන් තියෙන්නෙ registration form එක පුරවන්නයි. මේකෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. Onbux වල registration form එක පුරවපු විධියටම මේකත් පුරවන්න. (ඒ ලිපියට යන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න.) සියල්ල පිරවු පසු Continue කරන්න."


"අනතුරුව මෙන්න මෙහෙම window එක්ක ලැබෙවි. මේකෙන් සඳහන් වෙන්නෙ ඔයාලගෙ account එක activate කරගන්න විදියයි. මේකේ තියෙන විදියට මුලින්ම ඔයලාගේ email එකට ලොග් වෙන්න. එකට Neobux වලින් mail එකක් ඇවිත් ඇති. එකේ තියෙනවා "Validation Code" කියල code එකක්. එක copy කරගෙන කලින් ලැබුණු window එකේ paste කරන්න. දැන් "finish registration" ක්ලික් කරල වැඩේ ඉවරයක් කරන්න. වැදගත් - සමහරක් වෙලාවට ඔයාලගෙ email inbox එකට neobux වලින් mail එකක් නැවිත් තියෙන්න පුළුවන්. එ වෙලාවට ඔයාලගෙ spam mail වල හොයල බලන්න. බොහෝ විට එකට ඇවිත් තියෙන්න පුළුවන්. ඔන්න එහෙනම් දැන් ඔයාලට Neobux ගිණුමකුත් තියෙනවා."


"දැන් තියෙන්නෙ මුදල් හොයන එක. මුලින්ම ඉතින් ඔයාල දීපු username, password දීල account එකට ලොග් වෙලා ඉන්න. ඊට පස්සේ ඉතින් විස්තර කරන්න දෙයකුත් නැහැ. Onbux වල කරපු විදියම තමා... කොකටත් මං පින්තූර ටිකක් දාන්නම්. එක බලලා වැඩේ අල්ල ගන්න."


"ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. හැමදමත් වගේ කියන්න තියෙන්නේ.දවසකට add 4 යි. පුංචිම පුංචි වේලාවක් විතරයි යන්නේ. මුලදි ලැබෙන ගාණ අනුව සැහිමකට පත් නොවෙන්න පුළුවන්. මේ වගෙම තව PTC සයිට් තුන හතරකට join වෙලා එ හැම සයිට් එකම තියෙන ඇඩ් ක්ලික් කලාම දවසට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. (විශ්වාසනියම සයිට් මොනාද කියල ඉස්සරාට යනකොට කියන්නම්කො). දැනට මේ දේවල් කරගෙන යන්න. වැඩේ අතහරින්න එපා. ලැබෙන ගාණ වැඩි කර ගන්න පුලුවන් ක්‍රම සහ විධි ඊලඟ ලිපි වලින් කියල දෙන්නම්. ලඟදීම.... මසෙකින් විතර සතු‍ටු වෙන්න පුළුවන් විදියේ ගාණක් අතට ලැබෙවි. එහෙනම් අදට ගිහින් එන්නම්. මොකක් හරි ගැටළුවක් මතු උනොත් comment එකක් දාන්න. නැත්නම් mail එකක් එවන්න."


"මතක ඇතුව හැමදාමත් add ටික ක්ලික් කරන්න......."

.

"තමත් Onbux වල Register වුනේ නැද්ද? එහෙනම් පහල benner එක උඩ ක්ලික් කරන්න."


Tuesday, October 26, 2010

කාටත් නොදැනිම Windows 7 තම ප්‍රථම උපන්දිනය සමරයි!!


ටික දවසකින් post එකක් දාන්නත් බැරි වුනා. මොකද මේ දවස් ටිකේ පොඩි වැඩ වගයකට හිර වෙලා හිටියේ. කොහොම වුනත් අද ම්ං කියන්න යන්නේ දන්නෙම නැතුව ගෙවිල ගිය Windows 7 පළමු උපන්දිනය ගැනයි. කවුරුත් මේ ගැන වැඩිපුර කථා නොකරපු නිසයි අද මං මේ ගැන කථා කරන්න හිතුවේ.


Windows 7 අපි කාටත් හුරුපුරුදු වචනයක්නේ. මොකද පහුගිය දවස්වල නිතරම කථාබහ වුණු, කාගෙත් අවධානය ගත්තු OS එකක් නිසා. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔක්තෝම්බර් 22 දා Windows 7 එයාගේ පළවෙනි උපන්දිනය සැමරුවා. ඒ කියන්නේ 2009 ඔක්තෝම්බර් 22 තමයි එයා ඉපදුනේ. අපිට නම් මේක දැනුනෙවත් නැති වුනට ලෝකයේ අනිත් අයට නම් මේක හොඳට දැනුනා. කොහොම වුනත් Windows 7 වෙළදපොළට නිකුත් වෙලා ගෙවුණු මුල් මාස 4 විතරක් OS කොපි කෝටි 9ක් විකිණිලා තියෙනවා. මේ වනවිට එක කෝටි 27 දක්වා ඉහළ නැගල කියලයි දැනගන්න ලැබෙන්නේ. ඇත්තටම මේ Windows 7 වෙළදාම Vista වෙළදාමට වඩා 234% කින් වැඩි වුණු වෙළදාමක්. ඒ කියන්නෙ Windows OS ඉතිහාසයේ වේගයෙන්ම අලෙවි වුණු OS එක වෙන්නේ Windows 7 කියන එකයි.


Windows 7 මේ තරම් වේගයෙන් අලෙවි වුණේ එක ගැන තිබුණු ජනතා විශ්වාසය කියලයි කියන්නේ. Windows 7 නිර්මාණය කරන්න Microsoft ඉංජිනේරුවේ 3000 කගේ මහන්සියත් එක අත්හදා බලන්න එක්වුණු අසු ලක්ෂයක් වන beta testers ලගේ විශ්වාසය මේකට මුල් වෙලා තියෙනවා.

මේ හැමදෙකින්ම පෙන්නුම් කරන්නේ Windows 7 වල තියෙන සාර්ථකත්වයයි. ලෝකයේ තියෙන පරිඝනක ගත්තම එවායෙන් සෑම දහයෙන් නවයක්ම තියෙන්නේ Windows මෙහෙයුම් පද්ධති. ඒ අතරින් Windows 7 තියෙන්නේ පරිඝනක දහයකින් දෙකක් විතරයි. එත් මේ ප්‍රතිශතය වැඩිවෙමින් තියෙන්නේ. පරණ Windows සංස්කරණ සහිත පරිඝනක ප්‍රතිශතය අඩු වෙනවාත් එක්කම වෙළදපොලේ පරිඝනක වෙළදාම Windows වල සාර්ථකත්වයට හේතු වේවි.

එ කොහොම වුනත් Windows 7 නිකුත් වෙලා අවුරුදක් යන්නට කලින්ම Windows මෙහෙයුම් පද්ධති වල මිළඟ සංස්කරණය වන Windows 8 ගැන කථා බහක් ඇති වෙලා. තව අවුරුදු දෙකකින් විතර Windows 8 නිතුත් කරන්න බලාපොරොත්තු වෙනවලු. එහෙනම් ඒ බලාපොරොත්තුවටත් ඉඩක් තියාගෙනම අදට ගිහින් එන්නම්.!!!!. මේකට ඔයාලගෙ අදහසකුත් එකතු කරල යන්න.....

Tuesday, October 19, 2010

Onbux වලින් පහසුවෙන් මුදල් සොයමු..... (Internet money - 2)


අද මං ඔයාලට කියල දෙන්න යන්නේ අන්තර්ජාලයේ තියෙන මුදල් ගෙවන, මුදල් ඉපයිමේ සයිට් එකක් වන Onbux ගැනයි. මුලුන්ම කියන්න ඕනේ දැනටමත් මං මේ වෙබ් අඩවිය හරහා මුදල් ලබාගෙන තියෙනවා. ඒ ගැන විස්තර මම මේ ලිපි පෙළ අතරතුර Payment Proof සහිතව පෙන්විමට බලාපොරොත්තු වෙනවා.

"දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ. මුලින්ම ඔයාල Onbux සයිට් එකේ register වෙන්න ඕනේ. එකට ඔය උඩින් තියෙන Banner එක හරි පහල තියෙන register here කියන එක උඩ හරි ක්ලික් කරන්න."
"ඊට පස්සේ එන window එකේ register යන්න ක්ලික් කරන්න."

"හරි, දැන් තියෙන්නේ registration form එක පුරවන එකයි."

"මුලින්ම තියෙන username එකට ඔයාල කැමති username එකකුත්, කැමති password එකකුත් දෙන්න. ඊට පස්සේ PIN එක, එකටත් කැමති ඉලක්කම් ටිකක් දෙන්න. හැබැයි එ දෙන PIN එක හොදට මතක තියා ගන්න. මොකද ඒක Alertpay වලට සල්ලි මාරු කරද්දි ඕන වෙනවා. primary email එකට ඔබේ පුද්ගලික email ලිපිනයද, Alertpay email එකට ඔයාල Alertpay ගිණුම සැදිමේදි ලබාදුන් email ලිපිනයද දෙන්න. මේ email ලිපින දෙකම එකක් උනත් ගැටළුවක් නැහැ.(Alertpay ගිණුමක් හදන හැටි දැන ගන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න.)"

"Referrer කියන එක කිසිම වෙනසක් නැතුව එහෙමම තියන්න. Birth Year එක දෙන්න. (වයස 18ට වඩා වැඩි වෙන්න ඕනේ...) දැන් යට තියෙන Verification Code එක ගහල Register ක්ලික් කරන්න."

"දැන් කලයුතු වන්නේ ගිණුම Activate කරගන්න එකයි. එකට මේ වෙබ් පි‍ටුව ඉවත් කරල primary email හි සඳහන් කළ email ගිණුමට ලොග් වෙන්න. එහි Onbux විසින් එවා ඇති email ලිපියෙහි ඇති වෙබ් ලින්ක් එක ක්ලික් කර Onbux වෙබ් අඩවියට පිවිස ගිණුම සක්‍රීය කරගන්න."

"ඔන්න දැන් අපිට Onbux ගිණුමකුත් තියෙනවා. දැන් තමයි හොඳම හරිය. එ කිවුවේ ඇඩ් ක්ලික් කරල මුදල් උපයන කොටස... එක වෙන්න මෙහෙමයි. මුලින්ම Onbux සයිට් එකට ගිහින් පැත්තෙන් පේන Image එකේ විදියට username, password දීල Login වෙන්න."

"account එකට ලොග් වුනාට පස්සේ උඩින්ම ඇති view add කියල, එක උඩ ක්ලික් කරන්න."

"ඊට පස්සේ තරු ලකුණු සහිතව add පේළියක් දකින්න ලැබේවි. (දවසකට add 4ක් විතර) ඒ එක add එකක් උඩ ක්ලික් කලාම නිල් පාට බොත්තමක් දකින්න ලැබේවි. එක උඩද ක්ලික් කරන්න. ඊට පස්සේ පහළ විදියට add එක Load වෙන්න පටන් ගනිවි. පහළ තියෙන විදියට සියලු කරුණු සම්පුර්ණ කලාට පස්සේ add එක සහිත tab එක close කරල දාන්න. එ වගෙම අනිත් add ටිකත් ක්ලික් කරන්න."

"ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.. දවසකට add 4 යි. පුංචිම පුංචි වේලාවක් විතරයි යන්නේ. මුලදි ලැබෙන ගාණ අනුව සැහිමකට පත් නොවෙන්න පුළුවන්. එත් වැඩේ අතහරින්න එපා. දිගටම කරගෙන යන්න. ලැබෙන ගාණ වැඩි කර ගන්න පුලුවන් ක්‍රම සහ විධි ඊලඟ ලිපි වලින් කියල දෙන්නම්. ලඟදීම.... මසෙකින් විතර සතු‍ටු වෙන්න පුළුවන් විදියේ ගාණක් අතට ලැබෙවි. එහෙනම් අදට ගිහින් එන්නම්. මොකක් හරි ගැටළුවක් මතු උනොත් comment එකක් දාන්න. නැත්නම් mail එකක් එවන්න."

"මතක ඇතුව හැමදාමත් add ටික ක්ලික් කරන්න......."

[ Facebook +Skype ] මොනා වේයිද....?


ඔයාල ඉතින් කවුරුත් දන්නවනේ facebook සහ skype කියන වෙබ් සයිට් දෙක. නොදන්නවනම් ඉතින් ජිවත් වෙලත් වැඩක් නැහැ. මොකද ඉතින් ඒ වෙබ් සයිට් දෙක එ තරමටම ලෝක ප්‍රකටයිනේ. මට නම් ඉතින් මේ දෙකෙන් තොර ලෝකයක් නැති තරම්. මං දැන් කියන්න යන්නේ මේ වෙබ් අඩවි දෙකේ පොඩි එක්කාසුවක් ගැනයි. පොඩිමත් නැහැ ඉතිං...

ඒ තමයි facebook සහ skype කියන සමාගම් දෙක එකට එකත් වෙලා නව සේවාවක් සපයන්න ගිවිසගෙන තියෙනවා. ඒ කොහොමද කිව්වොත්, skype එකෙන් facebook ලොග් වෙන්න පුලුවන් විදියක් සහ එ හරහා අපේ හිත මිතුරන්ට නොමිලේ call ගන්න පුළුවන් වෙන විදියටයි. මරු නේ!!!!!

ඇත්තටම මේකට හේතුව වෙලා තියෙන්නේ facebook එක ගැන කාලයක් පැතිරුණු කටකතාවක්. එ තමයි facebook එක ඔහුන්ගෙම තාක්ෂණයක් මඟින් skype වගේ නොමිලේ අන්තර්ජාල හරහා ඇමතුම් ගන්න පුළුවන් ක්‍රමයක් සකස් කරගෙන යනව කියන එකයි. එකට බය වෙලා තමයි skype එක ගිවිසුමකට එන්න කැමැත්ත පළ කරල තියෙන්නේ. (ඇයි බය වුනේ කියල ඔයාල දන්නවනේ...) ඒ වෙනුවෙන් skype සමාගම ඇ.ඩො මිලියන 100 කට ආසන්න ප්‍රමාණයක් කොටස් ආයෝජනය කරන්නලු ඉන්නේ. ලේසි නැහැ.....

එකෙන් මේකෙන් වෙන්නේ අපේ වටිනා කාලය තව ටිකක් මේ වෙබ් අඩවි වලටම වැය කරන එකයි. කොටින්ම මාත් එහෙමයි. මොනා කරන්නද ඉතිං..... එහෙනම් මතක ඇතුව යන්න කලින් ඔයාලගේ අදහස් ටිකක් මේකට එකතු කරන්න....

Monday, October 18, 2010

Alertpay ගිණුමක් හදමු... (Internet Money - 02)


එහෙනම් අපි වැඩේ පටන් ගමු. කලිනුත් කිව්වා වගේ මේක තමා වැදගත්ම දේ. මොකද, අපි උපයන හැම සතයක්ම බැර වෙන්නේ මේ ගිණුමටයි. ඒ නිසා නොමිලේ කිසිදු ගෙවීමකින් තොරව Alertpay bank account එකක් හදන හැටි කියල දෙන්නම්. (මේක දැනටමත් දන්න අය ඇති.. නොදන්න අයටයි මේ!)

මේ ගිණුමට එකතුවන මුදල් අතටම ගෙන්න ගන්නත්, අන්තර්ජාලය හරහාම විවිධ මිලදී ගැනිම් වලටත් යොදා ගන්න පුලුවන්. චෙක්පතක් මාර්ගයෙන් මේ මුදල් අතටම ගෙන්වා ගන්නවනම් අවම වශයෙන් ඩොලර් 20ක් වත් ඔයාලගේ ගිණුමේ තියෙන්න ඕනේ. (බය වෙන්න එපා, ඔය ගාණ හොයා ගන්න පුලුවන්) එහෙනම් අපි වැඩි කථා නැතුව වැඩේට බහිමු.

01. මුලින්ම පහළ තියෙන Register Here හෝ පහලම තියෙන Alertpay Banner එක උඩ ක්ලික් කරන්න.

02. එවිට, ලැබෙන Window එකේ Sign Up Now යන්න ක්ලික් කරන්න.

03. ඊට පස්සේ පහළ තියෙන විදියට Window එකක් පෙනෙවි.

"එකේ Select Your Country එකට Sri Lanka යන්නත්, Select Your Account Type එකට Personal Start යන්නත් ක්ලික් කරන්න. අනතුරුව Next Step ක්ලික් කරන්න."

04. පසුව ලැබෙන Window එකේ තියෙන්නේ ඔයාලගේ තොරතුරු ඇතුලත් කරන එක. මේකට ඔයාලගේ සත්‍ය තොරතුරු ඇතුළත් කරන්න ඕනේ. මොකද ගෙවීම් කරන්නේ මෙහි සඳහන් නම, ලිපිනයටනේ. හා... තව දෙයක්, වයස 18ට වඩා වැඩි වෙන්නත් ඕනේ alertpay ගිණුමක් open කරන්න.


"මේකේ Region ලෙස ඔබ පදිංචි පළාතත්, Postal Code එක සඳහා http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm මඟින් දැනගෙන නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න. පසුව Next Step ක්ලික් කරන්න."


05.අනතුරුව තවත් එවැනිම Window එකක් ලැබෙවි.

"එකේ email ලිපිනයට ඔබේ සුපුරුදු email ලිපිනයත්, ඔයාල කැමති ඕනෑම ආරක්ෂාකාරි password එකකුත් ලබා දෙන්න. මේකේ Transaction PIN එකට ආරක්ෂාකාරි PIN අංකයක් ලබා දෙන්න. මේක ගොඩාක් වැදගත්. මොකද, මේ Transaction PIN අංකය මුදල් ලබා ගැනිමේදී ඕන කරනවා. ඔයගොල්ලෝ ලබාදෙන අංකය හොඳට මතක තියා ගන්න."

"ඉන්පසුව ලැබෙන Security Question 1 හා Security Question 2 ට ප්‍රශ්ණ දෙකක් Select කරලා Answer දෙකක් දෙන්න. මේවා යම්කිසි විදියකින් ඔබගේ Password අමතක වුනොත් නැවත් ගෙන්වා ගැනිමේදි වැදගත් වෙනවා. එනිසා මේ සෑම දෙයක්ම නැවත් සටහන් කරගන්නවනම් හොඳයි."

"දැන් Third Party Information එක No ලෙසම තියලා Word Verification හි තිබෙන වචනය ඒ විදියටම පහල හිස් කො‍ටුවේ Type කරන්න."

"ඒ form එකත් නිවැරදිව සම්පුර්ණ කලාම අවසානයේ Final Step යන්න ක්ලික් කරන්න. දැන් පහල තියෙන Confirmation Page එක ලැබේවි."


"දැන් කලයුතු වන්නේ ගිණුම Activate කරගන්න එකයි. එකට මේ වෙබ් පි‍ටුව ඉවත් කරල ඔබ කලින් සඳහන් කළ email ගිණුමට ලොග් වෙන්න. එහි පහත ආකාරයට Alertpay විසින් එවා ඇති email ලිපියෙහි ඇති වෙබ් ලින්ක් එක ක්ලික් කර Alertpay වෙබ් අඩවියට පිවිස ගිණුම සක්‍රීය කරගන්න."



"දැන් ඔක්කොම හරි. දැන් ඔයාලටත් Alertpay ගිණුමක් තියෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ සල්ලි උපයන්න තමා... එක ඊලඟ post එකෙන් කියල දෙන්නම්. ලඟදීම..."


"මේ සම්බන්ධයෙන් මොකක් හරි ගැටළුවක් මතු වුනොත් Comment එකක් දාන්න."



Sunday, October 17, 2010

අන්තර්ජාලයෙන් මුදල් හොයමු...



"ඇත්තටම මේ දේ කරන්න පුලුවන්ද?" කාටත් එහෙම හිතෙන්න පුලුවන්. මොකද එක ස්වාභාවිකයි. කාලයක් මටත් ඔය ප්‍රශ්ණේම තිබුණා. ඒත් දැන් මං එකට උත්තරේ දන්නව. ඒ තමයි ඇත්තෙන්ම පුලුවන් කියන එක. ඒත් එකට තව එක කොන්දෙසියක් තියෙනව. ඒ තමය් දුර දිග හිතල වැඩ කරනවනම් කියන එක. (සමහරු එකඟ නොවෙන්නත් පුලුවන් එ දේට) කොහොම උනත් උනන්දුවයි, ඉවසිමයි තියෙනවනම් අන්තර්ජාලයේ මුදල් හොයන එක අමාරු නැහැ.


අන්තර්ජාලයෙන් මුදල් හොයන එක බොහොම සරලයි. ඕන කරන්නෙ අවශ්‍ය පරිදි ක්‍රියාත්මක විම විතරයි. මම එහෙම කියන්නේ, දැනටමත් මම මේ වැඩේන් දිනපතා දිනකට බොහොම පොඩි කාලයක් වැය කරල සැලකිව යුතු ආදායමක් හොයන නිසා. ඒ පිළිබඳ විස්තර මම ඉදිරියේදි මගේ Payment Proof සමඟම පැහැදිලි කරන්නම්.


හොඳයි, මුලින්ම මම සරලව කියල දෙන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. අන්තර්ජාලයේ මුදල් හොයන පහසුම සහ සරලම, විශ්වාසනියතම ක්‍රමය තමා ඇඩ් ක්ලික් කර (PTC -Paid To Click) මුදල් හොයන එක. (තව ක්‍රම ගොඩාක් තියෙනවා, ඒවත් ගිමින් සැරේ කියල දෙන්නම්.) ඒත් ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක. ඒ කියන්නෙ මුදල් කොහොමද එන්නේ?, කොහොමද අතටම මුදල් ටික ගන්නේ යන වගෙ දේවල්...



මෙහෙමයි, බැංකු කියන වචනේ අපි කාටත් හුරුයිනේ. අන්තර්ජාලය තුළත් බැංකු කිහිපයක් තියෙනවා. ඒ තමයි Paypal, Alertpay, Neteller වගෙ දේවල්. මේ අතරිනුත් Paypal සහ Alertpay තමා වඩා විශ්වාසනියතම මැංකු දෙක. නමුත් ගැටලුවකට තියෙන්නේ Paypal මඟින් තවමත් ලංකාවට මුදල් ගෙන්වා ගැනිමට පහසුකම් නැති එකයි. ඒ නිසා වඩා වැදගත් වෙන්නෙ Alertpay ගිණුමක් හදා ගන්න එකයි. පස්සේ අපි ඇඩ් ක්ලික් කරලා උපයන මුදල් Alertpay මාර්ගයෙන් ලංකාවේ සම්පත් බැංකුවේ web card එකකට හෝ cheque එකක් මඟින් අතටම ගන්න පුලුවන්. හරි සරලයි. (බය වෙන්න එපා. මේ හැම දෙයක්ම අකුරක් නෑර කියල දෙනව. මතකනෙ මං කිව්වා, ඉවසීම ඔනේ කියලා)


එන්න ඒ විදියට තමා අපිට මුදල් ලැබෙන්නේ. එහෙනම් අදට ඇති. ඊලඟ ලිපියෙන් Alertpay Account එකක් හදා ගන්න විදිය කියල දෙන්නම්. ලඟදීම....



ඔන්න එහෙනම් මතකනේ, අපි Internet එකෙන් money හොයන්නයි යන්නේ......!


මගේ ආරම්භය...


ඔන්න ඉතිං, මාත් මේ වැඩේ පහු වෙලා හරි පටන් ගත්තා. දැනටමත් බ්ලොග් සිය ගාණකටත් වඩා අපිට බලාගන්න පුලුවන්නෙ. ඇත්තටම, මාත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ මේ බ්ලොග් අඩවි වලින්ම තමා. එක අදටත්, ඉස්සරාටත් එහෙමමයි. ඉතින් මටත් පොඩි ආසාවක් ආවා සිංහල බ්ලොග් එකක් පටන් ගන්න. මාත් ඉතින් කැමතියි Internet එකේ ඉන්න ගමන් ආසාවට කරන වැඩ ටිකක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. මාත් ඉතින් වේලාවක් ලැබුනම තම මේකේ මොකක් හරි ලියන්න පුලුවන් වෙන්නෙ. මොකද අපි හැමොටම කාලය රන් හා සමානයිනේ.

මම මේ බ්ලොග් එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්තර්ජාලයේ නවතම තොරතුරු, අන්තර්ජාලයේ මුදල් ඉපයිමේ පහසු ක්‍රම, තාක්ෂණික ලිපි ඔයාලත් එක්ක බෙදා හදා ගන්නයි. ඉතින්, මේ හැමදෙටම මට ඔයාලගේ සහයෝගය අවශ්‍යය වෙනවා. ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව තමා මම් මේ බ්ලොග් එක පවත්වගෙන යන්න අදහස් කරන්නෙ.

එහෙනම්, මාත් එක්ක ඉස්සරාට දිගටම ‍රැදිල ඉන්න...